නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට සංවර්ධනයට ඩයස්පෝරාවට ආරාධනා කරනවා - විදේශ අමාත්‍ය

    ජූනි 12, 2015

    දෙමළ ඩයස්පෝරාව ත්‍රස්තවාදීන් කියා ඉවත් කරන්න සූදානම් නෑ 

    නොබැඳුණු එක්සත් ශ්‍රී ලංකාවක් තුළ මේ රට සංවර්ධනය කරන්නට,  මේ රට ඉදිරියට ගෙනයන්නට විවිධ ජනවර්ගවලට අයත් ඩයස්පෝරාවේ සියලු දෙනාට මෙරටට ආරාධනා කරන බවත් දෙසැම්බර් මාසයේ ඔවුන් සමඟ ඩයස්පෝරා උත්සව මාලාවක් පැවැත්වීමට බලාපොරොත්තු වෙන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (12) පාර්ලිමේන්තුවේදී ගෝලීය සංසදය හා ද්‍රවිඩ ජාතික සන්ධානය එක්ව ලන්ඩන් නුවර පැවැත්වූ සාකච්ඡාවක් සම්බන්ධයෙන් විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා ඊයේ (11) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.
     
    ජනාධිපත මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් 2010 මැයි 15 උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව පත් කළා. 2011 දෙසැම්බර් 16 එම වාර්තාව මේ සභාවේ සභාගත කළා. රටපුරා සියලු ම ප්‍රජාවන් සමඟ පුළුල් සාකච්ඡා පැවැත්වීමෙන් පසු කොමිසම් සභාව නිර්දේශ මාලාවක් ඉදිරිපත් කළා. විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරන්නේ එම නිර්දේශ අනුවයි.
     
    එකල රජය බුද්ධිමත් අදහස් ප්‍රතික්ෂේප කලා. විදේශ මිත්‍ර ජාතීන් දුන් උපදෙස් ප්‍රතික්ෂේප කළා. ශ්‍රී ලංකාව වෙනත් රටවල්වල ප්‍රජාවන් අතර හුදෙකලා වී තිබුණා.  
    ජනවාරි 08 පැහැදිලි ජනවරමක් ලබා දුන්නා. උතුරේ ජනමතයත් එදින ප්‍රකාශ කළා. උතුරේ ජනතාවගෙන් එදා ඡන්දය ලබා දෙන්න එපා කිව්වත් ඇතැමුන් එය ක්‍රියාවට නැංවුවේ නැහැ. ලංකා ඉතිහාසයේ විශාලතම ඡන්ද ප්‍රකාශය ගිය වර මැතිවරණයේදී දැකගත හැකි වුණා. විශාල මුස්ලිම් ජනගහනයක් සහිත ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ ජනතාවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඡන්දය දුන්නා. 
     
    දශක ගණනාවකට පසු ව සැබෑලෙසම ශ්‍රී ලාංකික ජනාධිපතිවරයෙක් ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හඳුනාගන්න පුළුවන්. ජනවර්ග, භාෂා ආගම් සිමාවෙන් තොරව පත්වුණු නායකයෙක් එතුමා. පොරොන්දු ඉටුකරන ජනාධිපතිවරයෙක් ජනවාරි 08 පත් කර ගත්තා. එය ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේ ම පිළිගන්නවා. ආගමික විවිධත්වය හා ගරු කරන රටක් ගොඩනැංවීමට විදේශ ඇමති ලෙස කටයුතු කර සිටින්නේ අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදියි. අපේ මූලික අදහස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් මේ රට කිසිදු ලෙසකින් කොන්වීම වැලැක්වීමයි. බැඳීම් හා සමඟි සන්ධානය ඇති කර ගැනීමේ විවිධත්වය තුළින් මේ රට ලෝකයේ කොන්වීම වැලැක්වීමත්, ගැටුම් නැවත ඇති නොවීමටත්, ලොව ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතර ආඩම්බරකාරී ලෙස නැගී සිටීමටත්, සියලු ම විෂය පථයන්ට අදාළ සංවර්ධනයක් ඇති කිරීමටත්, දූ දරුවන්ට නව ශ්‍රී ලංකාවක් ගොඩනැවීමත් අපේ අරමුණුයි.
     
    පසුගිය වකවානුවේදී අප දුරස්ථව අතහැර දමා තිබූ රටවල් හා ඩයස්පෝරා සංවිධානවල සම්බන්ධතා ගොඩනැවීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ හා නිලධාරීන් සමඟ මා කටයුතු කරමින් සිටිනවා. පසුගිය ආණ්ඩු කාලයේ විදෙස් ඩයස්පෝරා සමග කටයුතු කිරීම විදේශ අමාත්‍යාංශයට එදත් පවරා තිබුණා. ඩයස්පෝරාව කිව්වම දෙමළ ත්‍රස්තවාදීන් කියල සමහරු සිතනවා. වෙනත් රටක ගිහින් පදිංචි වුණ ජන කණ්ඩායමක් සිටිනවා නම් ඒ අය ඩයස්පෝරාව ලෙස හඳුන්වනවා. ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ඉතා වැදගත් එය දැන් මිලියන එකහමාරක් පමණ වෙනවා.
     
    ඉතා දක්ෂ ව්‍යාපාරිකයන්, බැංකු ප්‍රධානීන්, නාසා ආයතනයේ විද්‍යාඥයන් මේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවේ සිටිනවා. දෙමළ ජාතින් පමණක් ඩයස්පෝරාවේ කියලා අපට අයින් කරන්න බෑ. මම තුන්වතාවක් දෙමළ ඩයස්පෝරාව හමුවී සාකච්ඡා කර තියෙනවා. එහි අන්තවාදීන් සුළු පිරිසක් සිටියත් නොබෙඳුණු එක්සත් ශ්‍රී ලංකාවක් තුළ වැඩකරන්න කැමැත්තෙන් පිරිස් එහි සිටිනවා. ශ්‍රී ලාංකික ඩයස්පෝරාවේ සිටින්නන් උගතුන්. සැබෑ සංහිඳියාව අත්කර ගැනීම අපේ ජාතියේ අවශ්‍යතාවයි.  සියලු ශ්‍රී ලාංකික ඩයස්පෝරාව පිළිගන්න අප සූදානම්.
     
    සියලු ම  ශ්‍රී ලාංකිකයන්ට ප්‍රජාතන්ත්‍රවාදී හා තිරසාර සාමය උදා කර ගෙන ආරක්ෂාව සලසා ගත යුතු වාතාවරණය දැන් උදා කර ගෙන තියෙනවා. විදේශගතව සිටින ආයෝජකයන් සඳහා ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට ඊයේත් සිදු කළා. අපි ඉදිරියටත් ශ්‍රී ලාංකික පුරවැසියන්ට ද්විත්ව පුරවැසිභාවය ලබාදෙනවා රටේ වැඩකරන්න හැකි වන ලෙස යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya