නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා මෙහෙකාර සේවය පිටුදැකීමේ දින අගමැති පණිවුඩය

    ජූනි 12, 2015

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ ළමා මෙහෙකාර සේවය පිටුදැකීමේ දින පණිවුඩය,


    “ළමා මෙහෙකාර සේවය පිටුදැකීමේ දිනය ජූනි 12 වන දිනට යෙදී ඇත. දරුවන් විෂයෙහි මහත් වගකීමෙන්  කටයුතු කරන ශ්‍රී ලංකාව, ළමා මෙහෙකාර සේවයට එරෙහිව හඬ නඟන රටවල් අතර ඉදිරියෙන්ම සිටින බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් පෙන්වා දී තිබීම ද සතුටට කරුණකි.

     

    අප සතු උතුම්ම සම්පත වන දරුවන් රටේ අනාගතය බව පැහැදිලිව වටහාගෙන සිටින වත්මන් රජය ළමා ජීවිත සුරක්ෂිත කිරීමටත්, ළමුන්ගේ ජීවිත ගොඩනැංවීමටත් ප්‍රබල මැදිහත්වීමකින් කටයුතු කරයි.

     

    ජාත්‍යන්තර ළමා අයිතිවාසිකම්වලට අනුව වැඩ කිරීමට හැකියාව ඇති අවම වයස් සීමාව වන්නේ අවුරුදු 14 යි. නමුත් ලංකාවේදී අවුරුදු 18 දක්වාම දරුවන්ට ළමා ලොවේ නිදහස්ව ජීවත් වීමට ඇති අයිතිය අපි පිළිගනිමු.

     

    වයස අවුරුදු 12 ට අඩු ළමුන් මෙහෙකාර සේවයට හෝ කම්කරු සේවයට යොදා නොගැනීමට 2010 වසරේ සිට අපි එකඟ වී සිටිමු. එසේම අවුරුදු 12 ත් 18 ත් අතර ළමුන් අන්තරාදායක කර්මාන්තවල යොදා ගැනීම නීතිවිරෝධී වන අතර, එවැනි අවස්ථාවල නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතුය. ළමා මට්ටමට දැරිය නොහැකි ලෙස, හිංසාකාරීව දරුවන් කුමන හෝ කටයුත්තක යෙදවීම බරපතල වරදකි.

     

    නමුත් දරිද්‍රතාවය, පවුල් සම්බන්ධතා බිඳවැටීම, නූගත්කම වැනි හේතු නිසා දරුවන් ළමා මෙහෙකාර සේවයෙහි යොදවන අවස්ථා දක්නට ඇත. එබඳු අවස්ථාවල දැනුවත් කිරීම, දරුවන් එයින් මුදවා ගැනීමට කටයුතු කිරීම, අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පුරවැසි අපගේ වගකීමකි.

     

    ළමා ලොවට හිමි ආදරය, ඇගයීම සහ රැකවරණය ලබා දීමටත්, දරුවන් සදහා ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙමින් හෙට ලොවට සුදුසු පුරවැසියන් ලෙස ඔවුන් ගොඩනඟන්නටත් ළමා මෙහෙකාර සේවය පිටුදැකීමේ දිනයේ දී විශේෂයෙන් අධිෂ්ඨාන කරගනිමු. “

     

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya