එම ප්රදානය අද (11) පෙරවරුවේ දී ආරක්ෂක අමාත්‍යංශයේ දී කෝස්වේ පේන්ට් පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්යක්ෂ එම්.කේ. මව්ජුඩ් මහතා විසින් ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා ලේකම් තිළිණ සුරංජිත් වේවැල්පණාව මහතා වෙත භාර දෙනු ලැබීය.
මෙම වැඩසටහන යටතේ ඉදිරියේ දී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෑම පාසලක් සඳහා ම මෙලෙස ප්‍රදානයන් සිදු කිරීමට අපේක්ෂා කරන බව කෝස්වේ පේන්ට් පුද්ගලික සමාගම පැවසීය.
මෙම අවස්ථාවට ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ චමින්ද සිරිමල්වත්ත, සරසවි සමූහ ව්‍යාපාරයේ සභාපති කළමනාකරණ අධ්යක්ෂ තුසිත වීරසේකර යන මහත්වරු සහභාගී වී සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය
DB