නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පවතින ගුරු පුරප්පාඩු පිරවීමට කඩිනම් පියවර

    ජූනි 11, 2015
    තාක්ෂණික ගුරුවරන් බඳවාගැනීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගනිමින් සිටින බවත් පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා විද්‍යාපීඨවලින් පිටවන ගුරුවරුන් ලබන වසරේ මාර්තු වන විට බඳවාගැනීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (11) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
     
    දිවයින පුරා ග්‍රාමීය පාසල්වල ගුරු පුරප්පාඩු ඇති බවත් හඳුනාගත් වතු පාසල් ගුරු පුරප්පාඩු 2016 අප්‍රේල් වන විට පිරවීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කීය.
     
    පසුගිය රජය ක්‍රියාත්මක කළ පරිගණක පාසල් දහස ව්‍යාපෘතිය මඟින් එක් එක් පාසලවලට පරිගණක නිකුත් කර තියෙනවා. ඒ සඳහා ගුරුවරුන් බඳවා ගැනීම නිසි ලෙස ඉටුකළේ නැහැ. මේ පරිගණක නිකුත් කිරීමේදී විශාල වංචාවක් සිදු ව තියෙන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya