දින සියයයේ කෙටි කලයක් තුළ වැඩිම වැඩකොටසක් කිරීමට සමත් වූ ඉතිහාසයේ එකම අණ්ඩුව ද මෙය බව යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඉදිරිපත් කළ වත්මන් රජයේ දින සියයයේ වැඩපිළිවෙල පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමින් අද (10) පාර්ලිමේන්තුවේ දීය.
දින 100 තුළ අපට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන්නට හැකියාව ලැබුණා. අපි ජනවාරි 08 ලබාගත් ජනවරමට අනුව මේ ක්‍රියා කරන්නේ. 2010 වසරේ පත් වූ පාර්ලිමේන්තුව දැන් කල් ඉකුත් වූ එකක්. එය කළේ මේ රටේ ජනතාවයි.
පාර්ලිමේන්තුව විසුරුවා, ඉන් අනතුරුව ජනතා කැමත්තට අනුව දින සියයට ජනතාව දෙන අනුමැතිය කුමක් ද කියලා දැනගන්නට පුළුවන්. අපිට සුළුතර ආණ්ඩුවක් යැයි කියනවා. මෙම සුළුතර ආණ්ඩුව, ප්‍රථමවරට ජනපති බලතල අඩු කිරීමට කටයුතු කළා. අපේ ආණ්ඩුවට දර්ශනයක් තිබෙනවා. ජනතාවට ලබාදුන් සහන ජනතාවට දැනිලා තිබෙනවා.
ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට ලැබිලා තිබෙනවා. කාට ද කියන්න පුළුවන් ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ල ලැබෙන්නේ නෑ කියලා. ග්‍රාමීය මාර්ග සංවර්ධනයට මුදල් වෙන් කරලා තිබෙනවා. කිසිම සංවර්ධනයක් නතර වෙලා නෑ. එහෙත් කොමිස් කුට්ටි ගහපු ව්‍යාපෘති පිළිබඳව අපිට සොයන්න සිදු වෙලා.
රජයේ සේවකයන්ට වැටුප් වැඩි කළා. තේ වලට රබර් වලට සහතික මිලක් ලබාදෙනවා.සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ගැන කතා කළා. අපි ඖෂධ ප්‍රතිපත්තිය ගෙනාවා. මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000 මේ මසයේ සිට ලබෙනවා.
අද මාධ්‍ය නිදහස බලන්න. රාජ්‍ය මාධ්‍ය නිදහසේ කටයුතු කරනවා. දින 100ක කෙටි කාලයක වැඩිම වැඩකොටසක් කළ ඉතිහාසයේ එකම ආණ්ඩුව මෙම ආණ්ඩුව බවද අමාත්‍යවරයා පැවසී ය.