එම යෝජනාව අද දෙවන වරටත් කල් ගියේය. අදාළ යෝජනාව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබූ අතර අග්‍රාමාත්‍යවරයා එම යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මතු කළ විරෝධයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයන් ලෙස ඇමැතිවරු වෙනුවට මන්ත්‍රීවරුන් සුදුසු යැයි යෝජනා වී ඇතත් දැනට ඇමැතිවරු දෙදෙනෙකු නම් කර තියෙනවා. අගමැතිට සාමාජිකයකු වීමට හැකි නම් ඇමැතිවරුන්ට නොහැකි ඇයි කියා ප්‍රශ්නයක් නැගිය හැකි නිසා මේ පිළිබඳ ව ඇමති මණ්ඩලය සමඟ සාකච්ඡා කර දැනුම් දෙන්නම්. සිවිල් සමාජයත් මෙයට අවශ්‍යයි. නැත්නම් සිවිල් සමාජ සාමාජිතයන් එහි නැතුව යන බව ද අගමැති කීය.
කතානායක චමල් රාජපක්ෂ මහතා මෙහිදී විමසා සිටියේ ඊට පෙර යෝජනාව අනුමත කරනවාද නැද්ද යනුවෙනි.
ඇමැති මණ්ඩලයේ තීරණය දැනගෙන ඇති කර ගත් එකඟතාවය මත කටයුතු කිරීම සුදුසු බව දිනේෂ් ගුණවර්ධන මහතා කළ යෝජනාව කතානායකවරයාද පිළිගත්තේය.
ගුණවර්ධන මහතා කරුණු දක්වමින් විවාදයක් නැතිව යෝජනාව අනුමත කරන නිසා දිනයක් ප්‍රමාද කිරීම සුදුසු බවත් ඇමති මණ්ඩලයේ තීරණය පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසය.
ඊට එකඟ දැයි කතානායක චමල් රාජපක්ෂ මහතා කළ විමසීමට ඔව් කියා පිළිතුරු දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව කීය.