නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්‍යවශ්‍ය සේවකයන්ගේ අතිකාල දීමනා කප්පාදු කර නැහැ

    ජූනි 10, 2015
    ජාතික ජලසම්පාදන මණ්ඩලයේ සක්‍රීය සේවා මුරකම, නඩත්තු සේවා, හදිසි බිඳවැටීම් සඳහා අඛණ්ඩව ම නිලධාරීන් සේවයේ යොදවා ඇති අතර ඒ අයගේ අතිකාල දීමනා කප්පාදුවක් සිදු කර නැති බව ජලසම්පාදන හා ජලාපවහන සහ නාගරික සංවර්ධන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.
     
    අමාත්‍යවරයා අද (10) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසුවේ, විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ ජාතික ජලසම්පාදන මණ්ඩලයේ සේවකයන්ගේ අතිකාල දීමනා අඩු කිරීම හේතුවෙන් හදිසි කටයුතු ඇණහිට ඇති බවට කරන ලද ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.
     
    වැටුප් විෂමතා ඉවත් කිරීම හා අනුගත අතිකාල දීමනා අඩුකරන්න මණ්ඩලය කටයුතු කර ඇති අතර අතිකාල දීමනා නැතුව වැඩකරන්න සේවක පිරිස එකඟ වී තියෙනවා. ඒ මුදල් වර්ෂාවසානයේ වැටුප් වැඩිවීම් සඳහා ඉතුරු කර ඇත. ජලසම්පාදන මණ්ඩලය මූල්‍ය අර්බුදයකට මුහුණ පා නැහැ.
     
    අලුත් සේවයකයන් 800ක් බඳවා ගන්න කටයුතු කර නැහැ. දැනට 281ක් විශ්‍රාම ගන්න සිටිනවා. පහළ කාර්යමණ්ඩලයේ කාර්යක්ෂමතාව වැඩිකරන්න පුහුණුව ලබා දෙනවා. 480ක් පුහුණුව සඳහා බඳවා ගෙන සිටිනවා. මණ්ඩලයේ පුරප්පාඩු පරවන්න මේ අය බදවා ගන්නවා. විධිමත් සම්මුඛ පරීක්ෂයක් පවත්වා මේ බඳවා ගැනීම් සිදු කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya