නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පවුල් සෞඛ්‍ය සේවයට කඩිනම් විසඳුම්

    ජූනි 10, 2015
    දැනට දිවයින පුරා සේවය කරන පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සංඛ්‍යාව 8425ක් වන අතර දීප ව්‍යාප්ත සේවය සඳහා පවුල් සෞඛ්‍ය සේවිකාවන් 10935ක් අවශ්‍ය බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
     
    රෝහල්වල සූතිකා පුහුණුව ලබාදීමට අදාළ ව හෙද හා පවුල් සෞඛ්‍ය සේවිකාවන් අතර ගැටලුව විසඳීමට ක්‍රියාමාර්ග ගෙන ඇත. පවුල් සෞඛ්‍ය සේවක පුරප්පාඩු ඇතිවීමට හේතුව විද්‍යා විෂයන්ගේ සුදුසුකම් සැපිරූ පිරිස අඩුවීමයි. ඉදිරියේ දී අනෙකුත් විෂයන් හැදෑරූ පිරිස හෙද හා පවුල් සෞඛ්‍ය සේවයට බඳවා ගන්න කටයුතු කරන බවත් ඒ අනුව පැන නැගී ඇති පුරප්පාඩු ගැටලුවට ඉදිරි වසර දෙක තුළ විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීවේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya