නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයානන්ද ඒ. වික්‍රමසිංහ මහතා තම ධනය දේශපාලනය වෙනුවෙන් වැය කළා

    ජූනි 09, 2015

    A ranil-parliamentඅභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයානන්ද ඒ. වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් හම්බ කළේ නැති බවත් එතුමා ළඟ තිබූ මුදල් දේශපාලන වෙනුවෙන් වියදම් කළ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ, අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයානන්ද ඒ. වික්‍රමසිංහ මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ අදහස් දක්වමිනි.

     

    තරුණයන්ගේ දියුණුව වෙනුවෙන් තම දායකත්වය ලබා දුන් වික්‍රමසිංහ මහතා තෙලිජ්ජවිල මහා විද්‍යාලය දියුණු කරන්න උදව් කළා. මාතර නිල්වලා අධ්‍යාපන විද්‍යාපීඨය පිහිටුවන අවස්ථාවේ එය බිහිකරන්න මූලික වුණේ මෙතුමායි. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට සහය දුන්නා සේම වික්‍රමසිංහ මහතා ප්‍රේමදාස ජනාධිපති සමඟත් සහයෝගයෙන් කටයුතු කළ බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

     

    දයානන්ද වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය මෙන් ම පොදු මහජනතාව වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ බව මෙහිදී අදහස් දක්වමින් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

     

    1977 පැවති මැතිවරණයේ තරග කර ජයග්‍රහණය ලැබූ වික්‍රමසිංහ මහතා ගමනාගමන නියෝජ්‍ය ඇමති, කම්කරු නියෝජ්‍ය ඇමති, පේෂකර්ම හා ග්‍රාමීය කටයුතු හිටපු අමාත්‍යවරයෙකු ලෙස පුළුල් සමාජ මෙහෙවරක නිරත වූ බව සභානායක කීය.

     

    විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහි දී පැවසුවේ, අතිදුෂ්කර ප්‍රදේශවල පාසල් සංවර්ධනයට එතුමා කටයුතු කළා. එතුමා ජනප්‍රිය දේශපාලන චරිතයක් ලෙස පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ ගෞරවය දිනාගත් බව ද ඔහු කීය.

     

    අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයානන්ද ඒ. වික්‍රමසිංහ, අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එන්. මහසෙන් පැල්පොල, අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුනිදාස ප්‍රේමචන්ද්‍ර, අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුල නිමලසිරි ජයසිංහ හා අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.අයි. උදුමාලෙබ්බේ යන මහත්වරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya