නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ හෝ පෞද්ගලික බැංකු කඩාවැටීමට රජය ඉඩ තබන්නේ නැහැ

    ජූනි 09, 2015

    රජයේ ප්‍රධාන බැංකු තුනෙන් පමණක් පසුගිය රජය මඟින් මාර්ග සංවර්ධන අධිකාරිය සඳහා පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව අය වැයට පිටින් 2014 දෙසැම්බර් 31 වන දිනට රුපියල් කෝටි 10,000ක මුදලක් ලබා ගෙන ඇතැයි ප්‍රතිපත්ති සම්පාදක ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (09) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ ප්‍රකාශ කළේය.

    ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් 51,675ක්, ලංකා බැංකුවෙන් රුපියල් මිලියන 25,828ක් මහජන බැංකුවෙන් රුපියල් මිලියන 13,837ක් මාර්ග සංවර්ධන අධිකාරිය සඳහා පසුගිය රජය ලබාගෙන ඇති බව ද ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රජය ලබාගෙන ඇති මුළු ණය මුදල රුපියල් මිලියන 379,887ක් බව ඔහු කීය.

    මීට අමතරව හැටන් නැෂනල් බැංකුවෙන් රුපියල් මිලියන 4,797ක් ජාතික සංවර්ධන බැංකුවෙන් රුපියල් කෝටි 470ක්, ඩී.එෆ්.සී.සී. බැංකුවෙන් රුපියල් මිලියන 1,057 මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලබාගෙන ඇතැයි ද අමාත්‍ය්‍යවරයා ප්‍රකාශ කළේය.

    මෙම ණය මුදල් ආපසු ගෙවීමට ක්‍රමවේදයක් පසුගිය රජය සකසා නොමැති බව කී ඔහු කෙසේ වෙතත් මෙම රජයේ හෝ පෞද්ගලික බැංකු කඩා වැටීමට රජය ඉඩ තබන්නේ නැතැයි ද අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya