නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සහ ජාත්‍යන්තර අවශ්‍යතා හදුනාගනිමින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධනය කළ යුතුයි

    ජූනි 09, 2015

    මෙරට අධ්‍යාපන ප්‍රතිපත්ති ජාතික සහ ජාත්‍යන්තර අවශ්‍යතා පදනම් කර ගනිමින් තවදුරටත් සංවර්ධනය කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

     

    එහිදී පාසල් තුළ තාක්ෂණික විෂයන් ඉගැන්වීම ප්‍රවර්ධනය කිරීම මෙන්ම ජාතීන් අතර සුහදතාව වර්ධනය කර ගැනීමේ මූලික අවශ්‍යතාව වන සන්නිවේදන කුලසතා වැඩි දියුණු කිරීමේ අරමුණින් භාෂා විෂයන් ඉගැන්වීම ද ප්‍රවර්ධනය කළ යුතුය.

     

    ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිලධාරීන් හමුවූ අවස්ථාවේ දී ය.

     

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ සිංහල සිසුන්ට දෙමළ භාෂාව ද දෙමළ සිසුන්ට සිංහල භාෂාව ද ඉගැන්වීම කෙරෙහි අදට වඩා ශක්තිමත් වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බවයි.

     

    ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් එම කොමිෂන් සභාවේ මෙතෙක් සිදුකළ කටයුතු සම්බන්ධයෙන් මෙන්ම ඉදිරි යෝජනා සම්බන්ධයෙන් ද ජනාධිපතිතුමා දැනුවත් කරනු ලැබීය.

     

    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක මහතා ප්‍රමුඛ එම කොමිෂන් සභාවේ නිලධාරීහු සහභාගීව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya