නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රමිතියෙන් යුත් අලි වැට ගැන අවධානය

    ජූනි 09, 2015

    අලි වැටවල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමීක්ෂණයක් කෙරෙන බවත් අලි වැටවල් සම්බන්ධයෙනක් සමස්ත ගුණාත්මක බවක් අනුගමනය කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවත් සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (09) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    විදුලි වැට, අලි වෙඩි, අලි පාලන ඒකක, රක්ෂිත ප්‍රදේශ, වන අලි සංචරණ පිවිසුම් මාර්ග සකස් කිරීම, කලබල අලි අල්ලා වෙනත් උද්‍යානවලට මුදාහැරීම ආදී ක්‍රියාමාර්ග දැනට තිබෙන අලි-මිනිස් ගැටුමට විසඳුම් ලෙස ක්‍රියාත්මක වනු ඇත. විදුලි වැට ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කර ඇති අතර මේ වන විට දුර කිලෝ මීටර් 212ක් තෙක් විදුලි වැට ඉදිකර ඇති බව ද අමාත‍්‍යවරයා පැවසීය.

    2005 සිට 2013 දක්වා කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ වන අලි පහර දීමෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 120ක් වන අතර එම දිස්ත්‍රික්කය තුළ මිනිස් ක්‍රියාකාරකම් නිසා මිය ගිය අලි සංඛ්‍යාව 144කි. එම කාලසීමාව තුළ සමස්ත දිවයින තුළ මියගිය වන අලි සංඛ්‍යාව 1865ක් බව ද අමාත්‍යවරයා පිළිතුරු දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya