නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුරාචාරයෙන්, අවිනීතකමෙන් රට මුදා ගැනීමට නීතිය වඩා තදින් කි‍්‍රයාත්මක කරනවා - ජනපති

    ජූනි 09, 2015

    මත්ද්‍රව්‍ය සමඟ සමාජය වෙලාගත් දුරාචාරයෙන්, අවිනීතකමෙන් රට මුදා ගැනීමට නීතිය වඩා තදින් කි‍්‍රයාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

     
    යහපත් රටක් ගොඩනැගීමට ආගමික මගපෙන්වීම සේම රටේ නීතිය හරිහැටි කි‍්‍රයාත්මක වීම ඉතා වැදගත් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ වාද්දුව, සුභද්‍රාරාම සිරි මහා මිහිඳු පිරිවෙනේ දෙමහල් විහාර මන්දිරය විවෘත කිරීමේ සහ දෙමහල් සංඝාවාසයට මුල්ගල් තැබීමේ පුණ්‍යෝත්සවයට එක්වෙමිනි.
     
    ලෝකයේ ප‍්‍රබුද්ධ රටක් ලෙස අප රට ගොඩනැගීමට භෞතික සම්පත් සංවර්ධනය සේම විනයවත් සමාජයක් ගොඩනැගීමද අත්‍යාවශ්‍ය බව සඳහන් කළ ජනාධිපතිතුමා පරිහානියට පත් සමාජයක් කිසිදා දියුණුව කරා ගමන් නොකරන බව ප‍්‍රකාශ කළේය.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya