ඊයේ පෙරවරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත් අතර විහාරාධිපති පූජ්‍ය හිගුල්වල කුසලඥාන හිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසදරක නිරත විය.
ප්‍රදේශයේ අඩු පාඩු රැසක් පිළිබදවද මෙහිදී උන්වහන්සේ ජනාධිපතිතුමා දැනුවත් කළහ.
මේ අතර ජනාධිපතිතුමාගේ පැමිණීම සැළවීමෙන් ප්‍රදේශයේ අතිවිශාල ජනතාවක්ද විහාරස්ථානය වෙත පැමිණ සිටියහ.
එම ජනතාව අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු විමසූ අතර ප්‍රදේශයේ මහාමාර්ග, විදුලිය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කර දෙන ලෙස ඔවුහු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.
ඒ කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා කඩිනමින් එම කටයුතු ඉටු කර දෙන බවට පොරොන්දු විය.
උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
SDF