මෙහිදී අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා කිසිදු පහසුකමක් නොමැති යුගයක පවා මිහින්තලා ආලෝක පුජාව පැවැත්විමට ලේක් හවුස් ආයතනය එකල ඉමහත් පරිශ්‍රමයකින් කටයුතු කල බව පැවසීය.
පුරාවිද්‍යාත්මක වශයෙන් සුවිශාල ප්‍රසිද්ධියක් ශ්‍රී ලංකාවට තිබේ. නමුත් තවත් බොහෝ පුරා වස්තු මෙරට කැනිම් වලට බදුන් නොවී ඇතැයිද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය. ඒවා පිළිබදව අවධානය යොමුකර දිර්ඝ කාලින වැඩපිළිවෙලක් ඔස්සේ මෙරට සංස්කෘතිය ඔසවා තැබිමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය.
.
අමාත්‍ය පි.හැරිසන්, ගයන්ත කරුණාතිලක , චන්ද්‍රාණි බණ්ඩාර යන මැති අමැතිවරුන් මෙන්ම අනුරාධපුර මහ දිසාපති ඩි.පි.ජි. කුමාරසිරි, අතිරේක දිසාපති සමන් බන්දුලසේන, ස්වාධින රූපවාහිනියේ සභාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක යන මහත්වරුන් විශෘල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.
පිරිස අමතා අනුශාසනා කරමින් මිහින්තලා විහාරාධිපති පුජ්‍ය වලහහැන්ගුන වැවේ ධම්මරතන හිමියන් ප්‍රකාශ කලේ, මිහින්තලා පොසොන් උත්සවය සාර්ථක කරගැනිමට උරදුන් සැමට තුති පුදකරන බවයි.
AP / SB-DMU-Anuradapura