නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව ලබන 09 දින දක්වා කල් තැබේ

    ජූනි 03, 2015

    අද දින (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබූ ව්‍යවස්ථාදායක සභාවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් නොවන තිදෙනෙකුගේ නම් සම්මත කිරීමේ යෝජනාව විවාදයට නොගෙන පාර්ලිමේන්තුව ලබන 09 දින දක්වා කල් තැබිණි.


    ඒ අනුව ආචාර්ය අහංගමගේ ටියුඩර් ආරියරත්න මහතා, විශ්‍රාමික විනිසුරු අබ්දුල් වහීඩ් අබ්දුල් සලාම් මහතා හා ආචාර්ය රාධිකා කුමාරස්වාමි මෙනවිය යන අයගේ නම් අද දින පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇතුළත් කර තිබිණි.

    ව්‍යවස්ථාදායක සභාව වෙනුවෙන් පක්ෂනායක රැස්වීම් අද පෙරවරුවේ පැවැත්විණි. ඒ නිසා පාර්ලිමේන්තුවේ කටයුතු ද ටික වේලාවකට අත්හිටුවා තිබිණි. නැවත පාර්ලිමෙන්තුව පස්වරු 1.00ට ආරම්භ වූ අතර එහිදී නැගී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථාදායක සභාවේ නම් ලිඛිතව ලබාදීමට තිබෙන බවත් ඊළඟ පාර්ලිමේන්තුවේ අදාළ යෝජනාව ප්‍රකාශයට පත් කරන බවත් කීය.

    ඉන් පසු සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුව ජුනි 09 දින දක්වා කල්තැබිය යුතු බවට යෝජනා කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya