අද (03) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ පිළිබඳ ප්‍රකාශ කළේ මහ බැංකු අධිපතිවරයාවරයා පිළිබඳ ඇති වූ විවාදය අතරතුර අදහස් දකවමිනි.
අපි කැමතියි ඡන්දයකට, ඡන්දයකට කැමති නම් නැගී සිටින්න යැයි ද සභානායකවරයා කීය.
එහිදී අණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභාවේ නැගී සිටිනු දක්නට ලැබුණු අතර එසේ නැගිට සිටියේ කුමක් සඳහාදැයි තමන් නොදන්නා බව කතානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ අතර එම අවස්ථාවේ දී පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ඉල්ලීම් මටත් තියෙනවා. මම ඉල්ලා සිටින්නේ ද පාර්ලිමේන්තුව විසුරුවන ලෙස යැයි කතානායකවරයා ප්‍රකාශ කළේය.
ඉන් පසු සභාවේ ඉදිරි කටයුතු ආරම්භ කිරීමට පෙර පක්ෂනායකවරුන්ගේ විශේෂ රැස්වීමක් කතානායකනවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බැවින් සභාවේ කටයුතු විනාඩි කිහිපයකට කල් තබන බව ද කතානායකවරයා නිවේදනය කළේය.