ජනාධිපතිතුමා විසින් මහා සංඝරත්නය විෂයෙහි සාංඝික දානය පිළිගැන්වීමෙන් අනතුරුව බත් දන්සැල ආරම්භ කෙරිනි.
පොලොන්නරුව බෞද්ධ සංගමයේ සභාපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි පොලොන්නරුව පූජා භූමිය අසල වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම මහා දන්සැලට අතිවිශාල ජනතාවක් එක් වෙති.
අද දින දැන්සැල විවෘත කිරීමත් සමඟ පොලොන්නරුව පූජා භූමිය වෙත පැමිණ සිටි අතිවිශාල ජනතාවක් දන්සැල වෙත පැමිණි අතර එම ජනතාව ඉතා සුහදශිලිව පිළිගත් ජනාධිපතිතුමා ඔවුන් සමඟ සුහද කතා බහක නිරත විය.
අනතුරුව ඔවුන්ට ආහාර පානවලින් සංග්‍රහ කිරීමටද එක් විය.
මේ අතර දන්සැලේ ආහාර පිසීමේ කටයුතුද පෞද්ගලිකවම සොයා බැලීමට ජනාධිපතිතුමා කටයුතු කළේය.
මෙම දන්සැල අද සහ හෙට දෙදින පුරා පැවැත්වෙයි.
අද දන්සැල විවෘත කෙරුණු අවස්ථාවට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි යන මහත්වරුන් ඇතුලූ පක්ෂ, විපක්ෂ මහජන නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.
kpm