නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සදහම් යාත්‍රා ධර්ම දේශනාව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දී

    ජූනි 02, 2015

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් සෑම පුන් පොහෝ දිනකම දිවයිනේ ඓතිහාසික විහාරස්ථානයක් කේන්ද්‍ර කොට ගෙන පැවැත්වෙන, සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ, සිව්වන ධර්ම දේශනාව පොසොන් පුන් පොහෝ දිනය යෙදී ඇති අද (02) දින ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.

    ගමේ ජනතාවත් සමඟ ගමට ගොස් ආගමික වතාවත්වල නිරතවී සමාජයේ නායකයින් දිය යුතු පූර්වාදර්ශය පෙරට ගනිමින් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    අද උදෑසන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසන පුද බිම වෙත ගිය ජනාධිපතිතුමා පළමුව රෝගාතුරව වැඩ වෙසෙන ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක ස්වාමින් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසීය.උන්වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ ජනාධිපතිතුමා පිරිකර ද පූජා කළේය.

    අනතුරුව සදහම් යාත්‍රා ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට ජනාධිපතිතුමා එක් විය. කෝට්ටේ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමිපාණන් වහන්සේ අද දින ධර්ම කථීකයාණන් වහන්සේ වූහ.
    ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට අතිවිශාල ජනතාවක්ද විහාරස්ථානය වෙත පැමිණි සිටි අතර ජනාධිපතිතුමා ඔවුන්ගේ සුව දුක් විමසීමටද අමතක නොකළේය.

    අනතුරුව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ නව පරිගණක විද්‍යාගාරය විවෘත කිරීමද අද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya