නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ නිරීක්ෂණ චාරිකාවක

    මැයි 28, 2015
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (28) පෙරවරුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවක් සඳහා කොළඹ 7 පිහිටි ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයට පැමිණියේය.
     
    ජනාධිපති ලේකම් කාර්යාලය භාරයේ පවතින ආයතනයක් වන එම කේන්ද්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳ විමසා බැලීම වෙනුවෙන් මෙලෙස හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී එම කේන්ද්‍රයේ  පාලක සභාවේ සාමාජිකයන් සමග සුහද පිළිසඳරක ද නිරත විය. 
     
    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ ලේකම් ජනරාල් නිහාල් හේවගේ, මහාචාර් කේ.ඩී. පරණවිතාන යන මහත්වරු සහ එම කේන්ද්‍රයේ භාරකාර මණ්ඩල සාමාජික සාමාජිකාවන් සහභාගිව සිටියහ.
     
    ඡායාරූප  -  ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya