ආරක්ෂක සේනා මූලස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා යුද හමුදාපති මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ජගත් වල්ගම යන මහත්වරුන් විසින් පිළිගත් අතර ජනාධිපතිතුමා වෙනුවෙන් විශේෂ හමුදා උත්තමාචාරද පිළිගැන්විනි.
ජනාධිපතිමාගේ පැමිණිම සනිටුහන් කරමින් ආරක්ෂක සේනා මූලස්ථානයේ සදුන් පැලයක් රෝපණය කිරීමද සිදු විය.
ජනාධිපතිතුමා වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක්ද පිළිගැන්විනි.
අනතුරුව ජනාධිපතිතුමා යුද හමුදා සාමාජිකයින් සමඟ සුහඳ කතා බහකට ද එක් විය.
ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
kpm
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය )