නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර්ජාතික ජෛව විවිධත්ව සැමරුම් උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

    මැයි 22, 2015
    අදට යෙදී ඇති අන්තර්ජාතික ජෛව විවිධත්ව සැමරුම් දිනය නිමිත්තෙන් පැවැති විශේෂ සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ බත්තරමුල්ල මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යශයේ දී පැවැත්විණි. 
     
    මීට සමගාමීව සැබෑ ශ්‍රී ලාංකීය ආහාර පානවල රසය විඳින්නට බත්තරමුල්ල සම්පත්පාය පරිසර අමාත්‍යංශ පරිශ්‍රය සහ කෘෂිකර්ම අමාතයංශය අතර භූමි භාගයේ ඉදිකරන ලද හෙළ බොජුන් හළ ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.
     
    සමරු ඵලකය නිරාවරණය කර හෙළ බොජුන් හළ විවෘත කළ ජනාධිපතිතුමා එහි පළමු ආහාර පාන මිලදී ගැනීම සිදු කර දේශීය කැද කෝප්පයක රස වින්දේය.
     
    අනතුරුව සැමරුම් උත්සවයට සහභාගි විය. කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද  දිසානායක මහතා විසින් අලුතින් නිෂ්පාදනය කරන ලද දේශීය බීජ වර්ග කට්ටලයක් ද එහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. 
     
    පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ද, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ, කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් බී. විජයරත්න,  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya