අභාවප්රාප්ත, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එස්.ඩී. බණ්ඩාරනායක මහතා වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ශෝක ප්රකාශ යෝජනා අවස්ථාවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්රීවරයා මේ බව ප්රකාශ කළේය.
වස්තුව ඇති පවුලක ඉපිද වස්තුව නොමැති මිනිසුන් වෙනුවෙන් ජන අරගලයකට සම්බන්ධවීම එතුමා මුළු මහත් සමාජයට ලබාදුන් ආදර්ශයයි. තනතුරු බේරාගැනීමට කටයුතු නොකර තම අරගලය ම ඔහු විශ්වාස කළා. නිදහස් සටනට එකතු වී ජනතා දේශපාලනයට එකතු වුණා. දුක්විඳින ජනතාව වෙනුවෙන් රදළ ක්රමය, අසාධාරණය දැක වලව්වේ ගේදොර ජනතාව වෙනුවෙන් විවෘත කොට ආදර්ශයක් ලබා දුන්නා යැයි ද මන්ත්රීවරයා සදහන් කළේය.