ජනතා හිතවාදී, ජනප්රිය දේශපාලඥයෙකු ලෙද දේශපාලන දිවියේ දීර්ඝ කායක් ගත කළා. තමාගේ ඉඩකඩම් ජනතාව වෙත බෙදා දුන්නා. චීනය, රුසියාව වැනි සමාජවාදී රටවල් සමග මනා සබඳතාවක් ඇති කර ගන්න එතුමා කටයුතු කළා. මාර්ස්වාදී චින්තනයෙන් එතුමාගේ දේශපාලන දර්ශනය ශක්තිමත් ව තිබුණා.
ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා එදා මහනුවරට ගමන් ගත් පෙළපාළිය වැලැක්වීමට කටයුතු කළේ එස්.ඩී. බණ්ඩාරනායක මහතායි. ක්රියාශීලී, විප්ලවවාදී දේශපාලඥයෙක් ලෙස ද එතුමාව හැඳින්විය හැකි යැයි විපක්ෂ නායකවරයා පැවසීය.