නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෝෂණ මල්ල වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් මිලියන 1500ක්

    මැයි 22, 2015

    ගැබිණි මව්වරුන් සඳහා ලබා දෙන රුපියල් 20,000ක ‍පෝෂණ මළු සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1500ක් වෙන් කර ඇති බවත් ගර්භනී මව්වරුන්ට නිසි ප්‍රමිතියෙන් යුක්තව ආහාර ලබා දීම මේ වැඩපිළිවෙළේ අරමුණ බවත් ළමා කටයුතු අමාත්‍ය රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.


    අමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

    මේ වන විට රුපියල් මිලියන 750ක මුදල් වැඩපිළිවෙළ සඳහා නිදහස් කර තිබේ. ප්‍රමිතියෙන් තොර භාණ්ඩ බෙදා හරිනු වෙළෙඳ ආයතනයන් සඳහා දඩුවම් පමුණුවනු ඇත. වැරදි කරන අයට මේ වන විට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර ඇති බවත් ඉදිරියටත් එවැනි වැරදි කළ හොත් නීතිය ඉදිරියට පමුණුවන බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya