අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (22) එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ මූලස්ථානය වන සිරිකොතෙහි පැවැති රැස්වීමකට සහභාගි වෙමිනි.
ඒ අනුව පසුගිය 2012, 2013 සහ 2014 වර්ෂවලදී මහ බැංකු බැදුම්කර නිකුත් කිරීම විනිවිදභාවයකින් තොරව පෞද්ගලික මට්ටමින් සිදු කිරීම හරහා මෙම වංචාව සිදු කොට ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.
භාණ්ඩාගාර සුරැකුම්පත් බොහොමයක් අළෙවිකොට ඇති අයුරින් සාමාන්‍ය පුද්ගලයන් සඳහා අවසථාවක් හිමි නොවූ බවත් පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා එම සියලු ගණුදෙනු සිදුකොට ඇත්තේ මහ බැංකු නීතිරීතිවලට පටහැනිව බව කමිටුවට නිරීක්ෂණය වී ඇති බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී අනාවරණය කර සිටියේය.
කොටස් වෙළෙඳපොළ හරහා ද පසුගිය කාලයේ පාලන බලධාරීන්ගේ හිතවතුන් මුදල් උපයාගත් බවත් ඒ හරහා රාජපක්ෂ රෙජිමයේ විනිවිදභාවය පසක් වන බවත් පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරයා කෝප‍් කමිටුව විසින් මේ පිළිබඳ ව සොයාගත යුතු බවත් කී අතර ම ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන්න යැයි මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
DB