ජාතික ගුරු අධ්‍යාපන අධිකාරිය (ඉවත් කිරීමේ ) පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් ඒ මහතා මේ බව පැවසූ අතර සංශෝධන නොමැතිව අදාළ පනත පාර්ලිමේන්තුවේ සම්මත විය.
පනත ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මෙසේද කීය. 2002 සැප්තැම්බර් කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම එකඟතාව ලබා ගත්තත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු එය කිරීමට නොහැකි වූණා. ජාතික ගුරු අධ්‍යාපන අධිකාරිය මේ වන විට වසා දමා තිබෙනවා.කිසිවකුත් සේවය කරන්නේ නැහැ. නීතිමය බලය ලබා ගැනීමටයි මේ පනත ඉදිරිපත් කරන්නේ.ජාතික අධ්‍යාපන අධිකාරිය ගුරුවරුන් පුහුණු කිරීම, විෂය නිර්දේශ සකස් කිරීම වැනි දේ ඉටුකරමින් සිටිනවා. අප විධිමත්ව ලක්ෂ 40ක් වන දරු දැරියන් වෙනුවෙන් මේ වන විට කටයුතු කරනවා.
අක්‍රමවත්ව දේශපාලනීකරණය වූ දේ අප වෙනස් කරමින් සිටිනවා. දේශපාලන මැදිහත්වීම් අප අවම කර තිබෙනවා. ළමුන් ඇතුළත් කර ගැනීම්, ගුරු මාරු වැනි දේ පිළිබඳ ව, කාල්ටන් ළදරු පාසලේ ළමයි හිටපු ජනාධිපතිගේ ලිපිවලින් පාසල්වලට ඇතුළත් කිරීම සිදුවුණා. අධ්‍යාපන ඇමැතිවරයාට එය පාලනය කිරීමට බැරි වුණා.
විදුහල්පති ශ්‍රේණි සඳහා විභාග සහ සමුමුඛ පරීක්ෂණ දේශපාලන මැදිහත්වීම්වලින් තොරව අපි සිදු කරනවා. අඩු ලකුණු ලබා ගත් අයට උසස්වීම් ලබා දී තිබුණා. එම සිද්ධීන් නිසා බදාදා මහජන දිනවලදී 2000ක් 3000ක් පමණ අය ප්‍රශ්න රැගෙන අප වෙත එනවා. විද්‍යාපීඨවලට ගුරුවරුන් බඳවා ගැනීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ගැසට් කර බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා. අධ්‍යාපනය යනු රටේ අනාගතයයි. ඒ සමඟ සෙල්ලම් කිරීමට අප සූදානම් නැහැ. ප්‍රතිපත්තිමය තීරණ මත අපි කටයුතු කරනවා. රැකියා ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රමයක් අප ක්‍රියාත්මක කරනවා. ළමුන් ඇතුළත් කිරීම, ගුරු මාරු වැනි ක්ෂේත්‍රවලදී විධමත්ව කටයුතු කරනවා. මින් ඉදිරියට පාසල්වලට දේශපාලඥයන්ගේ නම් නොයෙදීමට තීරණය කර තිබෙනවා. අධ්‍යාපනයේ භෞතික දියුණුවට වඩා ගුණාත්මක දියුණුව කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි. පසුගිය රජය සමයේදී පාසල් සඳහා රජයට ලැබුණු පියානෝ කාල්ටන් පෙර පාසල් වලට ලබා දී තිබූ බවත් ගුරු ව්‍යස්ථාව අනුව අදාළ කටයුතු සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
NDH