නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඒකාධිපති රෙජීමය යටතේ අහිමි වූ ගෞරවය සහ පිළිගැනීම යළි ලැබෙමින් පවතියි

    මැයි 20, 2015

    අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාව, පකිස්ථානය, චීනය, එංගලන්තය ආදී රටවල සංචාරය කිරීමෙන් ද, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, කටාර් රාජ්‍යයේ නායකයා, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඇතුලූ නායකයින් අපේ රටට පැමිණීමෙන් ද පැහැදිලි වන්නේ ඒකාධිපති රෙජීමය යටතේ ශ්‍රී ලංකාවට අහිමි වූ ගෞරවය සහ පිළිගැනීම වත්මන් යහපාලනය යටතේ යළි ලැබෙමින් පවතින බව යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

     

    මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ සම්බන්ධීකරණ කාර්යාලය විවෘත කිරීම නිමිත්තෙන් මාතර නූපේ මංසන්ධියේ පිහිටි එම කාර්යාලයේ පැවැති උත්සවයේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

     

    මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ සංවිධානයේ සභාපතිවරයා ලෙස මංගල සමරවීර මහතා මේ දිස්ත්‍රික්කයට විශාල නායකත්වයක් දෙන අතර අපේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ද විශේෂ වගකීමක් භාර ගෙන ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමය යටතේ ජාත්‍යන්තරයෙන් කොන් වූ ශ්‍රී ලංකාවට යළි ඒ ගෞරවය සහ පිළිගැනීම ලබාදීමට විශාල මෙහෙවරක් කරන බව වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

     

    රටේ ආරක්‍ෂාව වගේම ඉන්දියානු සාගරයේ ද, ආසියානු කලාපයේ ද ආරක්‍ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට වගකීමක් තිබෙන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩ කටයුතු වෙනුවෙන් අපේ හමුදාව මැදිහත් විය යුතු බව ද ජාත්‍යන්තරය මේ වන විට පිළිගෙන තිබෙන බව ඒ මහතා අවධාරණය කළේය.

     

    “ඕනෑම අවස්ථාවක මහ මැතිවරණයකට යාමට එක්සත් ජාතික පක්‍ෂය සූදානමින් සිටින අතර අප සියලු දෙනාම මේ ස්ථානයට පත්ව සිටින්නේ ජනතා වරමෙනුයි. ජනතාවගේ ඒ වරම එක්ක සෙල්ලම් කිරීමට මේ අය උත්සාහ කළොත් කළ යුත්තේ කුමක්ද කියා අප දන්නවා. මම ඉල්ලීමක් කළොත් කොළඹට පන් ලක්‍ෂයක ජනකායක් ක්‍ෂණිකව පැමිණීමට සූදානමින් සිටිනවා. ජනතාවගේ බලය සමග සිටින අප කිසිදු බලවේගයකට කිසිසේත් යටත් වන්නේ නැහැ.“ යැයි ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya