අමාත්‍යවරයා අද (20) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ස්ථවර නියෝග 23 (2) යටතේ ඉදිරිපත් කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි. එහිදී රජයේ නිලධාරීන්ට තවමත් ඉල්ලුම් කර ඇති යතුරු පැදි නොලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරකුමාර දිසානායක මහතා පැවසී ය.
මුදල් ලබා නොගත් පිරිස පිළිබඳව අමාත්‍යාංශ, දිසාපතිවරු මගින් තොරතුරු විමසීමට කටයුතු කරන බවත් ඒ අනුව සුදුසුකම් තිබිය දී ලබා නොදුන් සියලු දෙනාට යතුරු පැදි ඉතා ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසී ය.