නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහබැංකු අධිපති සම්බන්ධ යෝජනාව- කතානායක තීන්දුව පවසයි

    මැයි 20, 2015
    A-Chamal Rajapaksa 3මහබැංකු අධිපතිවරයා සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් සම්බන්ධ යෝජනා දෙක පිළිබඳව විවාදයක් පැවැත්වීමට මත්තෙන් පාර්ලිමේන්තුව විසින් දැනට සංයුක්ත කොට ඇති කාරකසභාවක් වෙත හෝ   විශේෂ කාරක සභාවකට මෙම 
    යෝජනාවල අන්තර්ගත කරුණු පිළිබඳව විමර්ශනය කිරීම පිණිස යොමු කිරීම සුදුසු වන බව කතානායක චමල් රාජපක්ෂ මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
     
    අද (20) පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් මතු වී ඇති කරුණු සළකා බලා අදාළ  තීරණය සභාවට දැනුම් දෙමින් කතානායකවරයා මේ බව පැවසී ය.  
     
     මෙහිදී කතානායකවරයා ප්‍රකාශ කළේ,
     
    ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති සම්බන්ධ යෝජනාවක් සහ මන්ත්‍රිවරු 105ක් අත්සන් කළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සම්බන්ධ යෝජනාවක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ දැනට අඩංගු වීඇති බවත් එම යෝජනා වැදගත් හා හදිසි යෝජනා බැවින් ඒ පිළිබඳ විවාදය ඉතා ඉක්මනින් පැවැත්විය යුතු බව ඉල්ලීමක් කරන ලදී.
     
     
     2015- 4 -29  දින මන්ත්‍රීවරු 88 දෙනෙක්  අත්සන් කොට මහබැංකුවේ අධිපති සම්බන්ධව යෝජනාවක් බාර දෙන ලද අතර  එය 2015 -5-8  දිනැති පාර්ලිමේන්තුවේ අංක 14 දරණ න්‍යාය පුස්තක පරිපූරකයේ දින රහිත යෝජනාවක් ලෙස ඇතුළත් කරන ලදි.
     
     
    යෝජනාවක් බාර දුන් පසු ස්ථාවර නියෝග 23 -3 යටතේ එම යෝජනව නීති විරෝධි යැයි මවිසින්  තීන්දු නොකරත් නම්,එම යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් විය යුතු අතර  සම්පූර්ණ දින පහක් ඉකුත්වන තෙක් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් 
    නොපැවැත්විය යුතුය.
     
    එවැනි යෝජනාවක්, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණය අනුව  අදාළ කාලසීමාව ඉකුත් වූ පසු  න්‍යාය පත්‍රයට ඇතුළත් කොට විවාදයට ගනු ලැබිය හැක.
     
     
    අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පිළිබඳව මේ ආකාරයේ ම යෝජනාවක් මන්ත්‍රීවරු 105 දෙනෙකු විසින් අත්සන් කොට  2015 අප්‍රේල් 21 දින ලබාදුන් අතර,එය දින රහිත යෝජනාවක් ලෙස ඇතුළත් කොට ඇත.
     
    රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන්නේ ය.ජනතාවගේ ව්‍යවස්ථාදායක, පරමාධිපත්‍ය  සහ මූල්‍ය කටයුතු අධීක්ෂණය කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සීමාවන්ට යටත්ව පාර්ලිමේන්තුව සතුවන අතර එය කුමන ආකාරයෙන් වත් අවහිර හෝ සීමා කළ නොහැක.
     
    ඒ අනුව මෙම යෝජනා දෙක පාර්ලිමේන්තුවේ සාකච්ඡාවකට භාජනය කිරීමට පාර්ලිමේන්තුවට බලයක් නොමැති බවට දරන මතය පිළිගත නොහැකි අතර ස්ථාවර නියෝගවලින් විශේෂිතව සීමාවන් පනවා නොමැති නම් පාර්ලිමේන්තුවට යම් කරුණක් පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් 
    කිරීමෙන් විවාදයක් ආරම්භ කළ හැක.
     
    ඒ අනුව අදාළ යෝජනා දෙක පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට පාර්ලිමේන්තුවට බලය ඇත. මෙම යෝජනා දෙකෙහිම සාකච්ඡාවනුයේ නිලධාරීන් දෙදෙනෙකුගේ ක්‍රියාකලාපයන්. මෙම යෝජනා දෙක පිළිබඳව විවාදයක් පැවැත්වීමට මත්තෙන් පාර්ලිමේන්තුව විසින් දැනට සංයුක්ත කොට ඇති කාරකසභාවක් වෙත හෝ  විශේෂ කාරක සභාවකට මෙම යෝජනාවල අන්තර්ගත කරුණු පිළිබඳව විමර්ශනය කිරීම පිණිස යොමු කිරීම සුදුසු වන බවත් එකී කාරක සභාවේ යෝජනා  හා නිදේශ ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉතා ඉක්මනින් ඉදිරිපත් කිරීමට  සළස්වා ඉන් පසු  එම යෝජනා දෙක පිළිබඳව විවාද පැවැත්වීම සුදුසු බවත්  මා තීරණය කරමි.
     
    එසේ නොමැති නම් මහබැංකු අධිපති සම්බන්ධ යෝජනාව පොදු ව්‍යාපාර කාරක සභාවට යොමු කර එහි සභාපතිවරයා විසින් පත් කරන අනුකාරක සභාවක් විසින් සුදුසු පරීක්ෂණයක් පවත්වා  ඒ පිළිබඳව සති දෙකක් ඇතුළත වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම සුදුසු බවත් සඳහන් කරමි යැයි කතානායකවරයා සිය නිවේදනය මගින් ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya