නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ සේවකයන්ට දේශීය ඔසු කැඳ ලබාදීමේ වැඩසටහන ඇරඹේ

    මැයි 11, 2015
    සියලුම රජයේ කාර්යාල සේවකයින් සඳහා දේශීය ඔසු කැඳ වීදුරුවක් ලබාදීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.
     
    නිරෝගිමත් සමාජයක් ගොඩනැගීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත මෙම වැඩසටහන හඳුන්වා දී ඇත.
     
    වස විස නැති පච්චපෙරුමාල්, කථ හීනටි, මඩතවාලු, බේත් හීනටි වැනි දේශීය සහල්වලින් සකස් කරන ලද මෙම කැඳවල දියවැඩියාව, වකුගඩු රෝග, පිළිකා, හෘදයාබාධ, අංශභාගය, අධිකරුධිර පීඩනය, ග්‍රැස්ට්‍රයිට්ස් වැනි රෝග නිවාරණය කිරීමේ ශක්තිය ඇති බව වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya