නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විල්පත්තුව වන උද්‍යානය අවට කැලෑ කැපීම සහ ඉඩම් පෙන්වීම් වහාම තහනම් කිරීමට ජනපතිගෙන් නියෝග

    මැයි 10, 2015

    A wilpaththuවිල්පත්තුව වන උද්‍යානය අවට සහ වව්නියාව, මන්නාරම ප‍්‍රදේශවල කැලෑ කැපීම සහ ඉඩම් පෙන්වීම ජනාධිපතිතුමාගේ විශේෂ නියෝගයක් අනුව වහාම කි‍්‍රයාත්මකවන පරිදි තහනම් කර ඇත.

    මේ පිළිබද වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළ අතර එම ප‍්‍රදේශවල සියලූ රාජ්‍ය නිලධාරින්ටද ඒ පිළිබදව දන්වා තිබේ.


    නීති විරෝධි ලෙස කිසිවෙකු හෝ එම ප‍්‍රදේශවල කැලෑ කැපීම් සහ ඉඩම් පවරාගැනීම් සිදු කරන්නේනම් ඔවුන්ට එරෙහිව වහාම නීතිය ක‍්‍රියාත්මක කිරීමටද ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නේය.

    PIRU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya