නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවනවා - ජනපති

    අප්‍රේල් 09, 2015

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන ව්‍යවස්ථා සංශෝධනය ලබන 20 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව එය සම්මත කර ගැනීමෙන් අනතුරුව මහ මැතිවරණයක් සඳහා පාර්ලිමේන්තුව විසුරුවන්නට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  ප්‍රකාශ කළේය.

     

    අද (09) පොළොන්නරුව පුලතිසි අධ්‍යාපන විද්‍යා පීඨයේ දී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සංගම් 365කට සහ පාසල් ක්‍රීඩා සංගම් වෙත රුපියල් ලක්ෂ සියයක් පමණ වටිනා ක්‍රීඩා උපකරණ පිරිනැමීමේ අවස්ථාවකට එක් වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඇතුළු පිරිසක් එක් වූහ.

     

    මේ දිනවල මූලික වශයෙන් රටේ දේශපාලනය එනම් බොහෝ වේලාවට පාර්ලිමේන්තුව තුළ ඇති වෙලා තියෙන හැලහැප්පීම් ඉදිරි මැතිවරණයත් සමඟ ඉවරවෙන බවත් ඉන්පසුව පැහැදිලි දේශපාලන ස්ථාවරයක් ද සමඟින් නව පාර්ලිමේන්තුවක් සමඟ කටයුතු කරන්නට හැකියාව ලැබෙන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියේය.

     

    තවදුරටත් සිය අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා,

     

    “දැන් ජනාධිපති ධුරයේ බලතල අඩු කිරීම සම්බන්ධයෙන් ජනතාවට මම දුන් පොරොන්දුව ඉෂ්ඨ කරන්න ඕන. පක්ෂ නායකයෝ අපි සියලු දෙනා සාකච්ඡා කරලා දහනව වන ව්‍යවස්ථා සංශෝධනය ලබන 20 වෙනිදාට පාර්ලිමේන්තුවට ගේන්නට අපි ඊයේ තීරණය කළා.  ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා මේ බලතල අඩුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට තිබෙන බලතල මොනවාද කියලා. “ යැයි ද පැවසීය.

     

    එසේම ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනුම් දීමට අනුව අද දින කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් දහනව වන ව්‍යවස්ථා සංශෝධනයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව යම් යම් සංශෝධනයන් සඳහා ජනමත විචාරණයක් මත සංශෝධනය විය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇත. එසේම මේ සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ එම ජනමත විචාරණයෙන් අදාළ සංශෝධනයන් ඉවත් කර දහනව වන පනත පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන බවයි.

     

    SDF/WK_dmu_Polonnaruwa

     

    polon1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya