රට පුරා අතිරික්ත ගුරුවරුන් 10,000ක් සිටිති. ජාතික පාසල්වල පමණක් අතිරික්ත ගුරුවරුන් 2000ක් පමණ සිටින අතර මේ ගුරුවරුන්ට වැටුප් ගෙවීම සඳහා පමණක් වසරකට රුපියල් කෝටි සියයක් පමණ වැය වන බවත් ඔහු කීය.
ගුරුවරුන් බඳවා ගැනීමේ නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම හේතුවෙන් මෙලෙස සිදු වී ඇති බව අවධාරණය කළ අමාත්‍යවරයා ඉදිරියේදී ගුරුවරුන් බඳවා ගැනීමේදී අවශ්‍යතා හඳුනාගෙන නිසි ක්‍රමවේදයන්ට අනුව කටයුතු කරන බව ද පැවසීය.
වයඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශන්යකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (09) පාර්ලිමේන්තුවේදී මේ අදහස් පළ කළේ ය.