අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (08) පාර්ලිමේන්තුවේදී හිමිකම් ලියාපදිංචි පනත යටතේ නියෝග (අංක 01) හා හිමිකම් ලියාපදිංචි පනත යටතේ නියෝග (අංක 02) පිළිබද විවාදය ආරම්භ කරමිනි.
යහ පාලනය වෙනුවෙන් ගරු ජනාධිපතිතුමාගේ දින 100 වැඩපිළිවෙළ සාර්ථක කිරීමට මේ පියවර ගෙන තියෙනවා. මන්නාරම හා පොලොන්නරුවේ තවත් කොටසකට ඉඩම් සඳහා ඔප්පු ලබා දිය යුතුයි. දින 100න් පසුව මේ ආණ්ඩුව නැතුව යනවා යැයි කවුරුත් බිය විය යුතු නැහැ. දින 100 යැයි කීවේ රජයකින් කළ යුතු වැඩ කටයුත් ජනතාවගේ හිතට කාවදින ලෙස කළ යුතු නිසයි. මේ රටේ අවුරුදු 30, 40කින් ඔප්පු ලැබුණේ නැති විශාල සංඛ්‍යාවක් සිටිනවා. නමුත් පසුගිය රජය තම පවුලේ අයට හා නෑදෑයන්ට කෝටි ගණන් ලාභ ලැබෙන පරිදි ඉඩම් බෙදා දුන් බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ රටේ ජීවත් වන සියලු ම දෙනාට ඉඩම් ඔප්පු ලබාදී ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය ලබාදීම ඉඩම් අමාත්‍යාංශය සතු වේ. ඉඩම් සඳහා නව තක්සේරු ක්‍රම අනුව වැඩිමුදලක් අය කරන්න සිදු වෙනවා. නාගරික සීමාව තුළ අනිවාර්යෙන් ම ඉඩම්වලට බදු අයකරන්න වෙනවා යැයි ද ඔහු පැවසීය.