එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
"ජේසු ක‍්‍රිස්තුන් වහන්සේ සිය උත්ථානය තුළින් මරණය ජය ගැනීම සමරන පාස්කුව කිතුනු බැතිමතුන්ගේ වැදගත්ම උත්සවයයි.
ජේසු ක‍්‍රිස්තුන් වහන්සේ උත්ථානයෙන් විදහා දක්වන ලද මරණයේ පරාජය අපට ගෙනෙන්නේ සියල්ලන්ට දයාව දැක්වීම හා පරිත්‍යාගයේ හරය පිළිබඳ කිතු දහමට අනුව යාම තුළින් මරණයෙන් එහා ඇති සදාකාලික සැපත ළඟාකර ගැනීම පිළිබඳ බලාපොරොත්තු සහගත පණිවුඩයයි. සන්තාපයෙන්, ස්වයං පරිත්‍යාගයෙන්, පුණ්‍ය කටයුතු හා ආගමික වතාවත්වල නියැලෙමින් කිතනු බැතිමතුන් ගෙවූ චතාරික කාලය, මනුෂ්‍ය වර්ගයා උදෙසා තම ජීවිතය පරිත්‍යාග කළ ජේසු ක‍්‍රිස්තුන් වහන්සේ කුරුසියේ ඇණ ගැසීමෙන් මරණයට පත්වීමට පෙර උන්වහන්සේගේ අවසන් කාලයේ දී විඳි දුක් වේදනා හා පීඩා සිහිපත් කරයි. මෙම කාල පරිච්ජේදය අවසන් වන්නේ ක‍්‍රිස්තුන් වහන්සේ මරණයෙන් උත්ථානය වීම වෙනුවෙන් සැමරෙන ප‍්‍රීතිමත් පාස්කුවෙනි.
සමාජ සාධාරණත්වය හා සංහිඳියාව ළඟ කර ගැනීමට දායක වන කිතු දහමේ හරය පාස්කුව විසින් නැවත ප‍්‍රාණවත් කිරීම ජාතියක් ලෙස අපේම උන්නතිය සඳහා වැදගත් පාඩමක් කියා දෙයි.
ශ‍්‍රී ලංකාවේ කිතුනු බැතිමතුන් අද ලොව පුරා සිය සහෝදර බැතිමතුන් සමඟ පාස්කුව සමරමින් පතුරුවන හොඳ හිත හා අවබෝධය සියලූ ශ‍්‍රී ලාංකිකයින් වෙත ද දක්වති"
පාස්කුවේ මෙම ප‍්‍රීතිය බෙදා හදා ගනිමින් මම සියලු කිතුනු බැතිමතුන්ට ප‍්‍රීතිමත් හා සාමකාමී පාස්කු උත්සවයක් ප‍්‍රාර්ථනා කරන බව ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කරයි.
kpm