ශී‍්‍ර ලංකාවේ දේශපාලන පක්ෂ සමඟ සබඳතා පැවැත්වීමට තමා ඉතා කැමැත්තෙන් පසුවන බව චීන මහජන ජාතික කොංග‍්‍රස් විධායක කමිටු සභාපති බෙජි යෑන්ග් මහතා පැවසීය.
චිනයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා සහ චීන මහජන කොංග‍්‍රසයේ විධායක කමිටු සභාපති බෙජි යෑන්ග් මහතා අතර හමුවක් ඊයේ (26) පස්වරුවේ බීජිං නුවරදී පැවැත්වුණු අතර එහිදී ඔහු මේ බව පැවසීය.
චීනය හා ශ‍්‍රී ලංකාව අතර සබඳතා ඒ අයුරින්ම ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡාවට බදුන් විය.
දෙරටේ ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිනි.
ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ සබඳතා තර කර ගැනීමට චීන මහජන කොංග‍්‍රසය ඉතා කැමැත්තක් දක්වන බව ද බෙජි යෑන්ග් මහතා මෙහිදී පැවසීය.
චීනයේ දියුණුව පිළිබඳව ලෝකයම බලා සිටින බවත් ඒ දියුණුවට ශ‍්‍රී ලංකාව සුබපතන බවත් චීනයේ දේශපාලන ක‍්‍රමය ගැන ඉගෙන ගැනීම ශ‍්‍රී ලංකාවට පමණක් නොව ලෝකයටම වැදගත් බව ද ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී පැවසීය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ චීන මහජන ජාතික කොංග‍්‍රසයේ ඇති බැඳීම ඉතා වැදගත් බවත් එය වර්ධනය කර ගැනීමට තමාගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ජනාධිපතිතුමා චීන මහජන කොංග‍්‍රසයේ කමිටු සභාපතිවරයා හමුවේ පැවසීය.
NDH/priu