නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකා නව රජයේ වැඩපිළිවෙළට තම පූර්ණ සහය ලබා දෙන බව චීන අගමැතිවරයා අවධාරණය කරයි

    මාර්තු 27, 2015
    ශී‍්‍ර ලංකා නව රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ තම ප‍්‍රසාදය පළ කළ චීන අගමැති ලී ක්වැන්ග් මහතා එම වැඩපිළිවෙළට තමාගෙත්, තම රජයේත් පූර්ණ සහය ලබා දෙන බව අවධාරණය කළේය.
     
    චීනය කටයුතු කරන්නේ පුද්ගලයන් මත පදනම් ව නොව රටට වැදගත් නිවැරදි ප‍්‍රතිපත්ති සහ සැලසුම් මත බව ද චීන අගමැතිවරයා ප‍්‍රකාශ කළේය.
     
    චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ චීන අගමැති ලී ක්වැන්ග් මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා ඊයේ (26) පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී අග‍්‍රාමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.
     
    වසර දහස් ගණනක සිට චීනයත් ශ‍්‍රී ලංකාවත් අතර පැවත එන සබඳතා තව තවත් තහවුරු වනු දැකීම ශ‍්‍රී ලංකා රජයේ අපේක්ෂාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී පැවසීය.
     
    වසර 30ක් පැවති ත‍්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගැනීමට චීන රජය ලබා දුන් සහයෝගය අතිවිශාල බවත් එය දෙරටේ මිත‍්‍රත්වය ගෞරවනීය සහ සමීප එකක් බවට පත් කළ බවත් ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
     
    අලුත් රජය මාස 03ක් තුළ නව සැලසුම් සහ වැඩපිළිවෙළවල් තුළින් ඉදිරියට පැමිණ තිබෙන බවත් දූෂණ වංචාවලින් තොරව විනිවිදභාවයකින් රට ගොඩනැගීම තමන්ගේ අපේක්ෂාව බවත් ජනාධිපතිතුමා පැවසීය.
     
    ශ‍්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයට චීන රජයේ සේම නව ආයෝජකයන්ගේ සහයෝගය තව තවත් අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිතුමා චීනයත් සමඟ සබඳතා වර්ධනය කර ගනිමින් සැලසුම් සහගතව කටයුතු කිරීමට තම රජය සූදානම් බව ද ප‍්‍රකාශ කළේය.
     
    යුරෝපා සංගමය සේම ආසියානු කලාපය ද ආර්ථික, දේශපාලන හා සමාජීය වශයෙන් ශක්තිමත් විය යුතු බව පෙන්වා දුන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ආසියානු කලාපය තුළ සංවර්ධන සැලැස්මක් ඇති කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.
     
    දුගීභාවය තුරන් කිරීමට ආසියානු කලාපයේ සියලු රටවල් එක්ව වැඩ කිරීමේ වැදගත්කම පිළිබඳවද දෙරටේ නායකයන් අතර මෙහිදී සාකච්ඡාවට ලක් විය.
     
    දකුණු ආසියානු රටවල ආර්ථික හා ආයෝජන සැලැස්මක් ඇති කිරීමේ වැදගත්කම ද දීර්ඝ ව සාකච්ඡා කෙරිණි.
     
    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් චීන අගමැති ලී ක්වැන්ග් මහතාට ශ‍්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ද මේ අවස්ථාවේ ආරාධනා කරන ලදී.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya