මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වී වගා කරන රජයේ ආයතන ද පොහොර ලබා ගැනීමට ඉල්ලුම්පත් යොමු කළ යුතුයි

    මාර්තු 23, 2014

    වී වගා කරන රජයේ ආයතන ද අවශ්‍ය පොහොර ප‍්‍රමාණය වෙනුවෙන් ඉල්ලුම්පත් යොමු කළ යුතු බවත් නිවැරදි තොරතුරු මත පමණක් පොහොර සහනාධාරය හිමි වන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    පොහොර සහනාධාරයට හිමිකම් ලබන ගොවියා සතු වගකීම වන්නේ අදාළ සුදුසුකම් නිසි පරිදි ඉදිරිපත් කිරීමයි. එම අයදුම්පත් ගොවි සංවිධානයේ සාමාජිකයෙකුව සිටින බවට කළ නිර්දේශයක් ද සහිතව කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර වෙත නිසි වේලාවට යොමු කිරීම වැදගත් වේ.

    මෙහිදී නිලධාරීන්ගේ වගකීම වන්නේ ගොවීන්ගේ නාම ලේඛනය, සාරාංශ වාර්තාවක් දිස්ති‍්‍රක් පොහොර අනුකමිටුව වෙත ලබාදීමයි. ඒ අනුව පොහොර බෙදාහැරීමේදී පොහොර ප‍්‍රවාහනය සම්බන්ධයෙන් සිදුවන කි‍්‍රයාවලිය ද කාර්යක්ෂම විය යුතුයි. නොඑසේ නම් නිසි වේලාවට ගොවීන් වෙත පොහොර බෙදා දීමට බාධා ඇති වේ. ජාතික පොහොර ලේකම් කාර්යාලය, දිස්ති‍්‍රක් පොහොර අනුකමිටු මඟින් ලබාගත් තොරතුරු අනුව නිසියාකාරව පොහොර බෙදා දීමට හැකියාව ලැබේ.

    නිවැරදි ක‍්‍රමවේදය ඔස්සේ පොහොර බෙදාහැරීමේ කටයුතු සිදු කරන අතර එමඟින් 2014 යල කන්නයේ දී පොහොර සහනාධාරය ගොවීන් වෙත නිසි කලට ලබාදීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ අපේක්ෂාව බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya