මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවුරුදු සමයේ සතොසට කෝටි 34ක ලාභයක්

    අප්‍රේල් 23, 2014


    පසුගිය සිංහල අවුරුදු සමයේදී සමුපකාර තොග වෙ‍‍ළෙඳ සංස්ථාව (සතොස) පාරිභෝගිකයාට සුවිශේෂී සේවාවක් ඉටු කරමින් සාධාරණ මිලකට බඩු භාණ්ඩ ලබාදීම හරහා රුපියල් ලක්ෂ විසිදහසකට වැඩි ආදායමක් උපයා ඇත.


    සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ සුළු ලාභයක් තබාගෙන පාරිභෝගිකයාට සහනදායි මිලකට භාණ්ඩ අලෙවි කළත් ‍සතොස මෙවර රුපියල් කෝටි 34ක (ලක්ෂ 3400ක්) ලාභයක් උපයා ඇති බවයි.

    පසුගිය වසර හා සංසන්දනය කරන කළ මේ ආදායම වාර්තාගත තත්ත්වයක් බව ඇමැතිවරයා පැවසීය. මෙතරම් විශාල ආදායමක් ලබාගැනීමට හැකි වූයේ දින 13ක් තුළ භාණ්ඩ අලෙවි කර ලබාගත් ආදායම හා ලාභයද වේ.පෞද්ගලික කඩකාරයින් උත්සව සමය ආසන්න වෙද්දී ඇතැම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල පාලන මිල පවා නොසලකා හරිමින් අසාධාරණ ලෙස පාරිභෝගිකයා ගසා කමින් භාණ්ඩ අලෙවි කිරීමට පටන්ගෙන තිබුණි.

    මේ තත්ත්වය හෙළිකරගත් රජය වහාම ක්‍රියාත්මක වන පරිදි සහල් සඳහා පාලන මිලක් යොදා භාණ්ඩ 400ක් ‍සාධාරණ මිලකට පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු කළේය. ඒ අතර සීනි, පරිප්පු, ලොකු ලූනු, අර්තාපල්, මුං ඇට, කවුපි, කඩල, වියලි මිරිස්, කුකුළු මස්, සැමන්, හාල්මැස්සන් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වෙළෙඳපොළේ පවතින මිලට වඩා පහත දැමීම නිසා මෙවර ලංකා සතොස වැඩි ආදායමක් උපයාගෙන ඇත.

    මෙවර උත්සව සමය තුළ පාරිභෝගික ජනතාවට සාධාරණ හා අඩු මිල ගණන් යටතේ ලංකා සතොස අලෙවි සැල් ජාලය හරහා තත්ත්වයෙන් උසස් ප්‍රමිතියෙන් යුත් භාණ්ඩ අලෙවි කිරීමට හැකිවීම නිසා පසුගිය වසරට සාපේක්ෂව වාර්තාගත ආදායමක් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ. එසේම උත්සව සමය තුළ භාණ්ඩ මිල ස්ථාවරව පවත්වාගෙන යෑමටද සතොස අලෙවිසැල් සමත්ව ඇත.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya