අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ නව වරාය නගර නිර්මාණ කටයුතු ඇරඹේ

    සැප්තැම්බර් 17, 2014
    ගාලු මුවදොරට ආසන්න මුහුදේ අක්කර 500කට වැඩි ප්‍රමාණයක් ගොඩකරමින් ඉදි කරන නව වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ චීන ජනාධිපති ෂී ජින් පින්ග් (Xi jinpin) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) දා ආරම්භ විය. 
     
    මුහුද ගොඩකරමින් මෙවැනි නගරයක් මෙරට ඉදිවන ප්‍රථම අවස්ථාව මෙය වේ. 
     
    ඇමරිකානු ඩොලර් මිලියන 1337ක ආයෝජනයක් මෙම නව වරාය නගරය පළමු අදියරට ඇස්තමේන්තු කර ඇති අතර එය චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගමේ ආයෝජනයක් වෙයි. 
     
    නවීන පන්නයේ සංචාරක හෝටල්, ආපන ශාලා, ජල තටාක ඇතුළු සංචාරකයන්ට අවශ්‍ය ක්‍රීඩා පහසුකම් සපුරා ඉදිකරනු ලබන මෙම නව වරාය නගරය නවීන මාර්ග පද්ධතියකින් ද යුක්ත වේ. 
     
    මෙම අවස්ථාවට පැමිණි දෙරටේ ජනාධිපතිවරුන් දෙපළ කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්ත මධ්‍යස්ථානයේ ඉදිකොට තිබූ නව නගර ආකෘතිය නිරීක්ෂණය කළ අතර මෙම අවස්ථාවේ දී වරාය ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන හා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහත්වරුන් විසින් ජනාධිපතිවරුන් දෙදෙනාට ඒ පිළිබඳ විස්තර කිරීම ද සිදුවිය.  
     
    ඉන් අනතුරුව කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වු ජනාධිපතිවරුන් දෙපළ නව වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ සමරු ඵලකය නිරාවරණය කොට නිල වශයෙන් එම නගරය ගොඩකිරීමේ කටයුතු සඳහා වැලි පොම්ප කිරීම ආරම්භ කළහ.
     
    මෙම අවස්ථාවේ දී චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා පිළිගැනීම වෙනුවෙන් සංස්කෘතික සංදර්ශනයක් ද පැවැත්විණි.
     
    මෙම අවස්ථාවට වරාය ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහත්වරුන් ඇතුළු දේශපාලන අධිකාරීහු මෙන් ජනතාව ද විශාල පිරිසක් එක්ව සිටියහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya