අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩ සටහන් අරඹන්න උපදෙස්

    ජූනි 22, 2020

    මාර්ග අනතුරු යළිත් දිනපතා ඉහළයමින් පවතින බැවින් ඒවා වළක්වා ගැනීම සඳහා මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩ සටහන් යළි අරඹන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවට උපදෙස් දෙයි.

    කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පැවැති ඇඳිරි නීතිය හේතුවෙන් මාර්තු මස සිට මැයි මස දක්වා කාලය තුළ දිවයිනේ මාර්ග අනතුරු වල අවමවීමක් පෙන්නුම් කළේය.

    2020.01.01 සිට 2020.04 30 දක්වා කාලය තුළ සිදුවු මාර්ග අනතුරු පිලිබඳ වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති ඇන්ටන් ද මෙන්ස් මහතාට උපදෙස් දුන්නේය.

    ඒ අනුව එකී කාලය තුළ මාර්ග අනතුරු නිසා මියගිය සංඛ්‍යාව 736කි. ඒ අතරින් පදිකයින් 223, යතුරුපැදිකරුවන් 255, පසුපැදිකරුවන් 39ක්, රියදුරන් 58ක්, මගින් 104ක්, පාපැදිකරුවන් 56ක් හා වෙනත් 01 ද වශයෙන් මරණ 736ක් වාර්තා වී තිබේ.

    2019 එකී කාල සීමාවට සාපේක්ෂව ගත් කළ මාර්ග අනතුරු නිසා මරණ 1006ක් වාර්තා වී තිබේ. කෙසේ වුවද වසර දෙකේ දත්ත සංසන්දනය කරන විට කොරෝනා ඇඳිරි නීතිය පැවැති කාලය තුළ මරන 270ක අවමවීමක් පෙන්නුම් කළේය. නමුත් ඇඳිරි නීතිය ඉවත් විමත් සමග වර්තමානය වනවිට නැවතත් මාර්ග අනතුරු මෙන්ම ඒ් නිසා සිදුවන මරණ හා බරපතල තුවාල සිදුවීම් ඉහළ යමින් පවතී. අප රටේ මේ වනවිට භාවිතා කරන වාහන සංඛයාව 80, 95.224ක් වේ. ඉන් සියයට 70ක්ම යතුරු පැදි හා ත්‍රිරෝද රථ වීම හේතුවෙන් සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය ඉහළ යාමට හේතුවි ඇති බව එම සභාව සඳහන් කරයි.

    කෙසේ වුවද යළිත් මාර්ග අනතුරු දිනපතා වැඩිපුර වාර්තා වෙමින් තිබෙන නිසා මාර්ග අනතුරු වළක්වා ගැනීමේ වැඩ සටහන් හා මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩ සටහන් වහාම අරඹන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා  මාර්ග අනතුරු වැළැක්වීමේ ජාතික සභාවට උපදෙස් දෙනු ලැබීය.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya