අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍ය හැදුනුම්පත් නිකුත් කිරීම ආරක්ෂක අංශයට පවරාගැනීම,අධීක්ෂණය කිරීම හෝ කුමන ආකාරයකින් හෝ බලය පවරා ගැනීමක් සිදුව නෑ -ඒ බවට ප්‍රචාරය කරන කරුණු සම්පූර්ණ අසත්‍යයක් Featured

    ජූනි 19, 2020

    මාධ්‍යවේදීන්ට හැදුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරක්ෂක අංශයට පවරාගැනීම, අධීක්ෂණය කිරීම හෝ කුමන ආකාරයකින් හෝ බලය පවරා ගැනීමක් සම්බන්ධව කිසිදු ආකාරයක යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත් ඒ බවට සිදු කරන ප්‍රචාර සම්පූර්ණයෙන් ම අසත්‍ය බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා අවධාරණය කරයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන මාධ්‍ය හැදුනුම්පත සම්බන්ධව පසුගියදා මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් වූ සාවද්‍ය ප්‍රකාශයක් සම්බන්ධව කරුණු දක්වමින් අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවේදී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා මේ බව ප්‍රකාශ කළේ ය.


    වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, මෙම මාධ්‍ය හැදුනුම්පත් නිකුත් කිරීම ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් පවරා ඇති කාර්යයන් ගොන්නෙන් එක් ප්‍රධාන කාර්යයක් වන අතර වසර ගණනාවක සිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම කර්තව්‍ය අඛණ්ඩව සිදුකරන බවයි.

    එමෙන්ම මාධ්‍ය හැදුනුම්පත මගින් පුද්ගලයෙකුට රජය විසින් වෘත්තීය මාධ්‍යවේදියෙකු ලෙස ලබාදෙන පිළිගැනීම මෙන්ම විශ්වාසය පිළිබදව අදහස් දක්වමින් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ් ජනරාල්වරයා සඳහන් කළේ, කොවිඩ් 19 වසංගතය රට තුළ පැතිරගිය වකවානුවේදී ඇදිරිනීතිය පැනවූ අවස්ථා වල පවා ගැටලුවකින් තොරව තම රාජකාරිය කරගෙන යාමට මාධ්‍යවේදීන් හට මෙම මාධ්‍ය හැදුනුම්පත උපකාරී වුණු බවයි.

    මාධ්‍ය හැදුනුම්පත ලබාදීමට බලය පවරන පුද්ගලයා වශයෙන් සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පවසන බවත් නාලක කලුවැව මහතා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

    එමෙන්ම මෙම වසරේ මාධ්‍ය හැදුනුම්පත් නිකුත් කිරීමේ ප්‍රමාදයක් සිදුවූයේ කොරෝනා වසංගතය රටතුළ ව්‍යාප්ත වීමත් සමග ආයතන ක්‍රියාකාරීත්වය අඩාල වීම හේතුකොටගෙන බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා. මේ වන විට හැදුනුම්පත් සදහා ඉල්ලුම්පත්‍ර 4337ක් පමණ ඉදිරිපත් වී ඇති බවත්, ඉන් 3200කට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කර අවසන් බවත් තවත් 420ක් පමණ මුද්‍රණයේ පවතින බවත් හැකි ඉක්මණින් එම කටයුතු අවසන් කරන බවත් කියා සිටියේ ය.

    එමෙන්ම පසුගිය වසරේ මාධ්‍ය හැදුනුම්පතෙහි වලංගු කාලය 2020 ජූලි මස 15 වනදා දක්වා දීර්ඝ කර ඇති බව ගැසට් පත්‍රයක් ඔස්සේ පලකළ බව සිහිගැන්වූ නාලක කලුවැව මහතා කියා සිටියේ, ඇතැම් වෙබ් අඩවි සදහා තනි පුද්ගලයන් විසින් මාධ්‍ය හැදුනුම්පත් ඉල්ලීම් කිරීමේදී යම් යම් ගැටලු මතුවන බවයි. ආරක්ෂාව සම්බන්ධයෙන්ද මෙය ගැටලුවක් විය හැකි බැවින් ඔවුන්ගේ ලියාපදිංචිය සහ මාධ්‍යවේදියෙකුද යන්න පිළිබදව ප්‍රමාණවත් කරුණු තහවුරු කර ඔවුන් හට හැදුනුමුපත් ලබාදීමට කටයුතු කරන බවයි. අවසන් වශයෙන් නාලක කලුවැව මහතා අවධාරණය කළේ, මාධ්‍ය හැදුනුම්පත් ලබාදීම මේ වසරේ ප්‍රමාද වූයේ කොරෝනා වසංගතය හේතුවෙන් මිස වෙනත් කිසිදු ආයතනයකින් අවසර ලබාගැනීමට යාමෙන් නොවන බවය .

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya