අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1376 දක්වා ඉහළට ...

    ජූනි 11, 2020

     

    ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1376 ඉක්මවා තිබේ.

     

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රුපියල් 1,813,688ක් අරමුදලට ප්‍රදානය කර ඇති අතර චෙක්පත අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්විණ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම අවස්ථාවට එක්ව සිටියහ.

    ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය රුපියල් 250,000ක් සහ ශ්‍රී ලංකා චෙස් සම්මේලනය රුපියල් 1,000,000ක් අරමුදල වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත භාරදුන්නේය. බන්දුල ගුණවර්ධන සහ ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරු ද ඊට එක්වූහ.

    හසන්ත ගුරුගේ මහතා රුපියල් 100,000ක් සහ බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය රුපියල් 28,739.17ක් අරමුදලට පරිත්‍යාග කර ඇත.

    දැන් ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,376,767,920.06 කි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya