මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (10) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසීය.
පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂම සිදු කළ සාකච්ඡවෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබුණි. මහමැතිවරණය ජුනි මස 20 දින පැවැත්වීනට තිබුණත් කොරෝනා වසංගතය හේතුවෙන් එම දින පැවැත්වීමට නොහැකි විය. මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනයට අත්සන් තබා එය මුද්‍රණය සඳහා යවා තිබෙන බවද මහින්ද දේශප්‍රිය මහතා කීය.