මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා මහබැංකුව යටතේ පවතින මුල්‍ය ආයතන කඩා වැටීමේ වගකීම මහබැංකුව භාරගත යුතුයි - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

    ජූනි 04, 2020

    ශ්‍රී ලංකා මහබැංකුවේ අනුමැතිය යටතේ පවතින මුල්‍ය ආයතනයක් කඩාවැටීම සම්බන්ධයෙන් වගකීම මහබැංකුව විසින් භාරගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.


    අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී ආයතනයේ වර්තමාන තත්ත්වය පිළිබඳව ඊයේ ( 03) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවේදී ය.

    ශ්‍රී ලංකා මහබැංකුව යටතේ පවතින මුල්‍ය ආයතන මෙලෙස දිගින්දිගටම කඩා වැටීම සහ එවැනි මුල්‍ය ආයතනයන්හි සිදුවන අක්‍රමිකතාවන් හේතුවෙන් රජය අප්‍රසාදයට පත්වන අතර, මේ හේතුවෙන් රාජ්‍ය මුල්‍ය ආයතන සම්බන්ධයෙන් වන ජනතා විශ්වාසය පළුදු වන බවත් පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා අලුතින් නීති සකස්කර හෝ මෙවැනි මුල්‍ය වංචාවන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගතයුතු බව වැඩිදුරටත් පැවසීය.

    ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී ආයතනයේ තැන්පතුකරුවන් සඳහා මුදල් ගෙවීම කඩිනමින් සිදුකරන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී දන්වා සිටි අතර, එළැඹෙන සඳුදා දින සිට තැන්පත්කරුවන්ගෙන් 97%ක් දක්වා එම මුදල් ගෙවීම සිදුකරන බවත් ඉතිරි 3% සඳහා ද පසුව ගෙවීම් සිදුකරන බවත් නියෝජ්‍ය මහබැංකු අධිපති එච්.ඒ කරුණාරත්න මහතා පැවසීය.

    මහබැංකුවේ සුපරීක්ෂණය යටතේ පවතින මුල්‍ය ආයතනයක් මෙලෙස ජනතාවගේ මුදල් වංචා කිරීම සම්බ්න්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී ආයතනයේ ගැටලුකාරී තත්ත්වයන් පැවතිය දී පවා එම ආයතනය සම්බන්ධයෙන් විශ්වාසය ඇතිවන ආකාරයේ නිවේදන පළකළ බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා තවදුරටත් පෙන්වාදුන්නේය.


    අසීරුතාවට පත්ව සිටින ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී ආයතනයේ තැන්පත්කරුවන් සඳහා මෙන්ම මේ වන විට කඩාවැටී ඇති අනෙකුත් මුල්‍ය ආයතනයන්හි තැන්පත්කරුවන් සඳහා ද සාධාරණය ඉටුවිය යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී පෙන්වා දුන්නේය. ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී ආයතනය මහබැංකුවේ සුපරීක්ෂණය යටතේ පැවැතිය ද ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ පාලනය වූ බව ශ්‍රී ලංකා මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා ප්‍රකාශ කළ අතර එම ආයතනය ආයෝජකයකු වෙත පැවරීමට හැකියාව ඇති බව ද තවදුරටත් සඳහන් කළේය.

    උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන හා තොරතුරු සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා, ශ්‍රී ලංකා මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා, මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය එස්.ආර් ආටිගල මහතා, නීති උපදේශකවරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya