අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉතාලියේ කොරොනා වෛරසය (COVID-19) ව්‍යාප්ත වීම- විදේශ සබඳතා අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තරයෙන් අධීක්ෂණයෙන්

    පෙබරවාරි 25, 2020

    ඉතාලියේ කොරොනා වෛරසය (COVID-19) ව්‍යාප්ත වීම මධ්‍යයේ ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තරයෙන් අධීක්ෂණය හ සම්බන්ධීකරණය කිරීමට විදේශ අමාත්‍යාංශ සබදතා අමාත්‍යංශය කටයුතු කරයි.

    රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන් හි කොන්සල් කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් මේ වන විට ඉතාලියේ වාසය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා කටයුතු සමීපව අධීක්ෂණය හා සම්බන්ධීකරණය කිරීමට පියවර ගෙන තිබේ. විශේෂයෙන් ලොම්බාර්ඩි කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව නිරන්තරයෙන් අධීක්ෂණය කිරීමට කටයුතු කරන බව විදේශ සබඳතා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ මිලාන්හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයට අනුව මේ වන විට කිසිදු ශ්‍රී ලාංකිකයෙක් වෛරසයට ගොදුරු වී නොමැති බව එම නිවේදනයේ සඳහන් වේ. ශ්‍රී ලාංකිකයන් 104,000 කට වැඩි පිරිසක් ඉතාලියේ වෙසෙන අතර ඉන් සියයට 60 ක් පමණ ලොම්බාර්ඩි කලාපයේ වෙසෙන බවත්, දූත මණ්ඩල මේ වන විට මෙම කලාපවල සෞඛ්‍ය බලධාරීන් සමඟ සන්නිවේදනය කරමින් සිටින අතර ශ්‍රී ලංකා පන්සල්, ප්‍රජා නායකයින් සහ අදාළ සියලු දෙනා සමඟ සම්බන්ධ වී සිටීන බවත් සඳහන් වේ.


    විශේෂයෙන් ඉතාලියේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයින්ගෙන් විමසිලිමත් වන ලෙසත්, වෛරසය දූෂණය වීම සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන විසින් නිකුත් කරනු ලබන නීති, රෙගුලාසි සහ ආරක්ෂක පියවරයන්ට අනුකූලව අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසත් විදේශ සබඳතා අමාත්‍යංශය ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියි.

    තානාපති කාර්යාලය සහ කොන්සියුලර් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍ෂණික දුරකථන දැනට පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකා ප්‍රජාවේ අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා උපකාරක කවුළුවක් ද ක්‍රියාත්මක කිරීමට මේ වන විට කටයුතු කර ඇත.


    එම ක්‍ෂණික දුරකථන අංක මෙසේයි;
    තානාපති කාර්යාලය පොදු දුරකථන අංකය: (0039)-06-884-0801, (0039)-06-885-4560

    රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය:
    සිසිර සෙනවිරත්න මහතා - Charge d’Affaires, (0039)3499351745
    ප්‍රියා නාගරාජා මහත්මිය - Third Secretary, (0039) 3403581603
    නිමාලි ජයමහ මහත්මිය - Management Assistant, (0039) 3483027997
    කොන්සල් ජනරාල් දුරකථන අංකය: (0039)2495365530, (0039)245395621
    මිලාන්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය:
    සඳමාලි දිසානායක මහත්මිය - Attaché (0039) 3888016268
    චතුරිකා රෝෂිනි මහත්මිය - Management Assistant  (0039)3887249016

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya