අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2019 මාර්තු මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ වේගයකින් වර්ධනය වෙයි

    අප්‍රේල් 19, 2019

    2019 මාර්තු මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ වේගයකින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

    2019 පෙබරවාරි මාසයට සාපේක්ෂ ව 2019 මාර්තු මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ වේගයකින් වර්ධනය විය.

    නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරකම්වල ඉහළ යෑමක් පිළිඹිබු කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මාස 46ක් තුළ වාර්තා කළ ඉහළ ම අගයට ළඟා විය. උත්සව සමයේ පවතින ඉල්ලුමත් සමඟ, විශේෂයෙන් ම ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයේ, නව ඇණවුම්වල දක්නට ලැබුණු වර්ධනය මාර්තු මාසය තුළ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු විය.

    ‍‍අප්‍රේල් මාසයේ අලුත් අවුරුදු නිවාඩුවලට පෙර අපේක්ෂිත නිෂ්පාදන මට්ටම් සපුරා ගැනීමේ අභිප්‍රායත් සමඟ නිෂ්පාදන ක්‍රියාවලිය ද සැලකිය යුතු ලෙස වර්ධනය විය. පැවති කාර්ය බහුල නිෂ්පාදන ක්‍රියාවලියට සමගාමී ව ගැනුම් තොගය සහ සේවා නියුක්තිය ද වර්ධනය විය. ඉදිරි උත්සව සමයේ එළඹෙන නිවාඩු දින හේතුවෙන්, ඇණවුම් සම්පූර්ණ කර ගැනීම සඳහා අතිකාල වැඩ කිරීමට ද සිදු වූ බව, විශේෂයෙන් රෙදිපිළි හා ඇඟළුම් අංශය ඇතුළු ව බොහෝමයක් ප්‍රතිචාර දක්වන්නන් විසින් ඉස්මතු කරන ලදී. තවද, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලයේ අඩු වීම ද සමස්ත වර්ධනය සඳහා ධනාත්මක ලෙස දායක විය. ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සියලු ම උප දර්ශක, කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කළ අතර, 2019 පෙබරවාරි මාසයට සාපේක්ෂ ව 2019 මාර්තු මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් වැඩි වේගයකින් වර්ධනය වූ බව ඉන් පෙන්නුම් කරන බව ද මහබැංකුව කියයි.

    සම්පූර්ණ ලිපිය මෙතැනින්- https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/pr/press_20190416_SL_PMI_March_2019_s.pdf

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya