මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    ඉන්දීයානු සාගරය-''අපගේ අනාගතය නිර්වචනය කිරිම''සමුළුව ඔක්තෝබර් 11- 12 කොළඔ දි

    ඔක්තෝබර් 06, 2018

    ඉන්දියන් සාගරය ආශ්‍රිත රාජ්‍යයන්ට හා එම සාගරය විශාල වශයෙන් භාවිත කරන රටවල්ට පොදු වු අ‍භිලාෂයන් හා ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරිම සඳහා ''ඉන්දීයානු සාගරය - අපගේ අනාගතය නිර්වචනය කිරිම'' යන මැයෙන් වූ අන්තර්ජාතික සමුළුව 2018 ඔක්තෝබර් 11-12 දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දි පැවැත්වෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

    ''ඉන්දීයානු සාගරය - අපගේ අනාගතය නිර්වචනය කිරිම'' යන මැයෙන් වූ අන්තර්ජාතික සමුළුව පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    මෙම සමුළුව අග්‍රාමාත්‍ය කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ, ගෝලීය සාමුද්‍රික අපරාධ වැඩසටහන හා එක්ව සංවිධානය කෙරේ.

    ඉන්දිය සාගරයේ කලාපයේ හමුවේ ඇති ගැටලු හා අභියෝග සම්බන්ධයෙන් මෙම සමුළුවේ දි සාකච්ඡා කෙරෙන අතර මෙම සාගර කලාපයේ වඩාත් සුවිසල් ආර්ථික සමෘදිධියක් ප්‍රවර්ධනය කරමින්ආ රක්ෂාකාරි හා සුරක්ෂිත සම්බන්ධතාවයක් ඇති කිරිමට මෙම සමුළුව ආයක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ඔක්තෝබර් 11 දින සමාරම්භක දේශනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කෙරනෙ අතර සුමළුවේ ප්‍රධාන දේශනය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවත්වනු ලබයි. එමෙන් ම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ සාගරය පිළිබඳ විශේෂ නියෝජිත තානාපති පීටර් තොම්සන් මහතා ද සැසිය ඇමතීමට නියමිතය.

    මිට අමතරව ''ඉන්දීයානු සාගරයේ අඵියෝග හා අපේක්ෂා වන්හැසිරවීම:පොදු අවබෝධයක් කරා ''යන මායෙන් සමාරම්භක සාකච්ඡාවාරයට, ඉන්දියානු නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක සංකජ් සරන් මහතා,ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේනුතවේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස්.ජී. වෙල්ස් මහත්මිය ,චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ දේශසීමා හා සාගර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යී ෂියෑන්ලියෑන්ග් මහතා, දකුණු අප්‍රිකාවේ ජාත්‍යාන්තර සම්බන්ධතා සාගර වටද්දර සංගමයේ ජ්‍යෙෂඨ නිලධාරීණ්ගේ කමිටුවේ සභාපති ආචාර්ය අනිල් සුක්ලාල් මහතා ද මෙමයට සහභාගි වීමට නියමිතය.

    මෙම සමුළුව තේමාවන් හතරක් ඔක්සේ සැසිවාර පැවැත්විමට නියමිතය.

    එනම්:

     ඉන්දියානු සාගරයේ ආර්ථික : ගෝලිය වර්ධනයේ නව මානය,
     දිය යට ජීවය:සාගරයේ සංවර්ධනය වෙත,
     අවිනිශ්චිතබවට අවසානයක්:සමුදුරෙහි ආරක්ෂාව හා සුරක්ෂිත බව
     ඉන්දීයානු සාගරයේ ජාත්‍යන්තර නීතිය සවිගැන්වීම: සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතින්ගේ සම්මුතිය හා මතුවෙමින් ඇති ගැටලු

    මෙම සමුළුව මඟින් ලබන වසරේ මුල් භාගයේ දි ශ්‍රි ලංකාවේ පැවැත්වීමට නියමිත බහුපාර්ශ්වීය රාජ්‍ය තාන්ත්‍රික සමුළුකට මං පෙත් විවර කිරිමට අපේක්ෂා  බවද නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya