මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාව ශක්තිමත් කිරීමට නීති අණපනත් තිබුණත් ඒවා ක්‍රියාත්මක කිරීමට බාධා Featured

    ජූලි 22, 2014


    ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම සඳහා රජය විසින් සම්මත කර ගන්නා ලද නීති අණපනත් රැසක් තිබුණත්, සමාජයේ විටින් විට එල්ල වන බාධක නිසා එම නීති ක්‍රියාත්මක කිරීමේ අභියෝග මතුවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පවසයි.

    පසුගිය වසර කිහිපයක කාලය තිස්සේ ජනතාවට ඉහළ ආදායම් අත්පත් කර දීමේ අරමුණින් නීති කෙටුම්පත් රැසක් සම්මත කර තිබුණ ද, ඒවා ක්‍රියාත්මක කිරීමේ දී අභියෝග රැසකට මුහුණපෑමට සිදුව ඇතැයි එතුමා ප්‍රකාශ කළේය.


    දොළුව ප්‍රදේශයේ ජනතාව සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම නිමිත්තෙන් අද (22) දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැති උත්සවයක දී අග්‍රාමාත්‍යතුමා මේ බව පැවසීය. දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි පවුල් 80ක් සඳහා ස්ථිර ඔප්පු ප්‍රදානය කිරීම එහිදී සිදු කෙරිණි.


    ජනතාවට වගා කිරීම සඳහා ඉඩම් ලබාදී තිබුණත්, ඇතැම් පිරිස් එම ඉඩම්වල වගා නොකරන බවත්, එම ඉඩම් රජයට යළි පවරා ගැනීමේ හැකියාව පවා තිබෙන බව කී අග්‍රාමාත්‍යතුමා, තවදුරටත් මෙසේ ද පැවසීය.


    “පසුගිය කාලය තුළදී අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් කර ගත් ඉඩම් විශාල ප්‍රමාණයක් ජනතාව වෙත ලබාදී තිබෙනවා. කෘෂිකර්මාන්තයේ නියැළීමෙන් ජනතාව ශක්තිමත් කිරීම උදෙසා එම ඉඩම් ලබා දුන්නත්, බොහෝ දෙනෙක් ඒවායේ වගා කරන්නේ නැහැ. නමුත්, වගා නොකරන ඉඩම් පවරාගෙන වගා කළ හැකි අයට බෙදාදීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මෙන්ම, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට නීති පද්ධතීන් රැසක් හිමි ව තිබෙනවා. නමුත් රජය කිසිසේත්ම ජනතාව පීඩාවට පත් කරන්නේ නැහැ. නමුත් ඉඩම් බෙදාදීමේ අරමුණ ජනතාව විසින් සාක්ෂාත් කොට පෙන්වා දිය යුතුයි.

     

    ප්‍රජාතන්ත්‍රවාදී රජයක් වශයෙන් අප ජනතා ඉල්ලීම් සඳහා අවධානය යොමු කරනවා. නමුත් ජනතාව රජයේ අරමුණු වෙනුවෙන් කටයුතු නොකරන්නේ නම් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ දී බාධක රැසක් මතුවන බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. ඉදිරියේ දී පැමිණෙන්නේ මැතිවරණ කාලයක් නිසා රජයේ ඇතැම් නීති ක්‍රියාත්මක කිරීමේ දී ගැටලු මතුවන අවස්ථා ද පවතිනවා. නමුත් කුමන දේ සිදු වුවද කෘෂිකාර්මික වගාවන් සඳහා පැළ, පොහොර, සහනාධාර හා උපදෙස් ලබාදෙමින් ආර්ථික වශයෙන් ජනතාව ශක්තිමත් කිරීමට රජය නිරතුරුවම කටයුතු කරන්නේ යැයි” අග්‍රාමාත්‍යවරයා පැවසීය.


    දොළුව ප්‍රාදේශීය ලේකම් පාලිත බණ්ඩාර, උඩපළාත ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.ජී. ගුණසේන යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.


     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya